-ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ‘‘ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන රජයක් හැටියට අපි කිසිදු අවස්ථාවක නොසලකා හරින්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරද්දී ජනතාවට ඇතැම් අපහසුතා සහ දුෂ්කරතා අත්විදින්න සිදුවනාව. අපි රජයක් ලෙස දුක්විදින්න සිදුවන ජනතාව වෙනුවෙන් සංවේදීව කටයුතු කරණවා වගේම විසඳුම් සේවීමටත් ක්‍රියා කරණවා. එසේ වුවත් කිසිදු අවස්ථාවක දී ආරක්ෂක හමුදා භට පිරිස් අඩු කිරීමට හෝ කඳවුරු ඉවත්කිරීමට හෝ කිසිදු සූදානමක් නැහැ. ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට ක්‍රියාකරණවා. ඒ වගේ ම හමුදාවේ වෘත්තීය මට්ටම ඉහළ දැමීමට හැකි සෑම දෙයක්ම කරණවා. ජාතික ආරක්ෂාව වැනි සංවේදී මාතෘකාවක් අල්ලගෙන පටු දේශපාලන මතප්‍රචාරය කිරීම් වලට රැවටෙන්න එපා කියා අපි ජනතාවගෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටිනවා“ යැයි යාපනයේ දී කීවේය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උතුරු නැගෙනහිර සිය ප්‍රථම නිල සංචාරයට සහභාගී වෙමින් පලාලි ගුවන්තොටුපොළට සිකුරාදා ගුවනින් පැමිණියේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් අමාත්‍යවරයා පිළිගන්නා ලදී. උතුරු නැගෙනහිර හමුදා ක්‍රියාකාරීත්වය සොයා බැලූ විජේවර්ධන හතා හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් මුලින්ම සිහිපත් කළේය.