සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස්කරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ නව ඉරියව්ව නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සචිත්‍රගේ පන්දු යැවීමේ ඉරියව්ව අංශක 15 නීතිය උල්ලංඝණය කරන බවට චෝදනා වූ පසුව එංගලන්තයේ කරනු ලැබූ පරීක්ෂණයේදී ඔහුගේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරු විය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සච්ත්‍රට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් වූ අතර පසුව සිය ඉරියව්ව නැවත සකසාගත් සචිත්‍ර මීට සති දෙකකට ඉහතදී ඉන්දියාවේ චෙන්නායි විශ්වවිද්‍යාලයේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත වරක් පරීක්ෂා කරන ලදී.
එහිදී ඔහු නිවැරදි සීමාවේ පන්දු යොමුකරන බවට තහවුරුවී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඔහුට අමතරව නවසීලන්ත කේන් විලියම්සන්ගේ ඉරියව්ද නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.