22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

සද්ධාතිස්ස පන්සලෙන් නේපාලයේ පාසල් හදයි.

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නේපාලයේ භුමි කම්පාවෙන් අබලන් තත්වයට පත්වූ පාසල් ගොඩනැඟිලි සහ නිවාස අලුත් වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසනාවෙන් ආරම්භ කෙරුන මෙම වැඩකටයුතු නිසිපරිදි ක්‍රියාවට නැවීම සහ අධික්ෂණය කිරීම සඳහා සද්ධාතිස්ස විහාරවාසී නේපාල ජාතික පුජ්‍ය සුමන හිමියන් දැනටමත් නේපාලයට වැඩම කරසිටී.
සුමනහිමියන් නේපාලයේදී අලුත්වැඩියා කිරීම සඳහා සුදුසු පාසල් සහ නිවාස කිහිපයක් තෝරාගෙන ඇති අතර ඒවායේ පිළිසකර කිරීම් දැනටමත් ආරම්භ කර ඇතිබවද පියදසී හිමියෝ ලංකාදීප එසැන පුවත් වෙත පැවසුහ.
මෙම වැඩකටයුතු සඳහා ආධාර එකතු කිරීමේ වැඩසටහන් කින්ස්බරි විහාරස්ථානය වට පිහිටි සුපිරි වෙළඳසැල් සංකීර්නයන් කිහිපයකදී ක්‍රියාත්මක කෙරුණි.
සද්ධාතිස්ස විහාරස්ථානයේ සැදැහැවතුන් පිරිසක් මේසඳහා ස්වේච්චාවෙන් සහායවු බවත් ආධාර එකතු කිරීමේදී ලන්ඩනයේ පදිංචි නේපාල ජාතිකයින්ගෙන්ද විශාල දායකත්වයක් සහ සහයෝගයක් ලැබුන බවත් ආධාර මුදල් එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කල ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය.
නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සිහිපත්කර කින්ස්බරි විහාරස්ථානයේ විශේෂ ආගමික වතාවත් පැවැත්වුන අතර ඒ සඳහා සහභගී වූ බොහෝදෙනෙක්ද නේපාල අරමුදලට මුල්‍යමය වශයෙන් ආධාර සපයා ඇත.
සද්ධාතිස්ස විහාරස්ථානය සංවිධානය කල සිංහල අවුරුදු උත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි ගායන ශිල්පී නිලන්ත සිරි පතිරණ සහභාගිවූ සංගීත ප්‍රසංග කිහිපයක්ද නේපාල අරමුදලට ආධාර සඳහා පවත්වනු ලැබිය.
මෙම වැඩකටයුතු මඟින් බලාපොරොත්තු නොවූ තරමේ ආධාර මුදලක් එකතු කරගැනීමට හැකිවූ බවත් ඒ සියලුම මුදල් නේපාලයේ පාසල් සහ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා පමණක් යොදාගන්නා බවත් කිසිම මුදලක් වෙනත් කටයුත්තක් සඳහා වියදම් නොකිරීමට වගබලා ගන්නා බවත් ගොඩ්ෆ්‍රී සිල්වා පැවසුවේය.
පුජ්‍ය සුමන හිමියන් නේපාලයට ගොස් ඇත්තේත් එහිදී උන්වහන්සේ ගේ අවශ්‍යතා ඉටු කරගන්නේත් සුමන හිමියන්ගේ පුද්ගලික වියදමින් බවත් නේපාලයේදී උන්වහන්සේගේ වැඩකටයුතු සඳහා පවුලේ අය මෙන්ම නෑදෑ හිතමිත්‍රාදීන්ගේ උදව් ලබාගන්නා බවත් අරමුදලේ සල්ලි සුමනහිමියන් භාවිතා නොකරන බවත් ඔහු පැවසීය

සටහන තිස්ස මඩවල

A_2

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles