23.4 C
London
Friday, August 8, 2025
spot_img

සජින් වාස් හිරේ – ගෝඨා භයවෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අද(11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

මේ අතර තමා අත්අඩංගුවට ගැනිමෙන් වළක්වන නියෝගයක් ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(11) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය.

තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් ඔහු කියා ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ මාර්ගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනු කළ මෙ‍ම පෙත්සමේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතළු හතළිස් හතර දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles