සජිත් බැසිල්ට වඩා වැරදි කරලා?

නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි බැංකුවල මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29 වැනිදා) දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇත.

වසර 20 කට ආසන්න කාලයක්‌ දුප්පත් ජනතාවට සෙත සැලසූ සමෘද්ධි බැංකුවල මුදල් ඇමැතිවරයා විසින් වංචනිකව ලබාගෙන හිතවතුන්ට ලබාදෙන බවට පවසමින් මෙම පැමිණිල්ල ගොනු කළ බව ජගත් කුමාර මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ‘දිවයින’ට අදහස්‌ දැක්‌වූ ජගත් කුමාර මහතා – සමෘද්ධි බැංකුව දුප්පත් ජනතාවගේ හදවතයි. දුප්පත් ජනතාව සමෘද්ධි බැංකුවට රුපියල් බිලියන ගණනක්‌ ආයෝජනය කර තිබෙනවා. වසර 20 ක්‌ තිස්‌සේ දුප්පත් ජනතාව තැන්පත් කර තිබෙන මෙවැනි මුදල් අවභාවිතා කරමින් සජිත් ප්‍රේමදාස මහතා තම හිතවතුන්ට බෙදා දෙනවා. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් සමෘද්ධි බැංකුව කඩාවැටෙන තත්ත්වයකට පත් වෙනවා. සමෘද්ධි බැංකුව සුරක්‍ෂිත කිරීම හා ඇමැතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අපි පැමිණිලි කළා. මේ ගැන සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වා ගනුදෙනුකරුවන්ට සාධාරණයක්‌ ඉටුවනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

වත්මන් රජය බැසිල් රාජපක්‍ෂ මහතාට විරුද්ධව නඩු දැම්මා. ඒ හිමිකරුවන්ගේම මුදල් ලබාදීම නිසා. නමුත් සජිත් ප්‍රේමදාස කරලා තිබෙන්නේ බැසිල් කළ වරදට වඩා දෙතුන් ගුණයක වරදක්‌. ලක්‍ෂ ගණනක දුප්පත් ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ මේ ක්‍රියාව වහාම නතර කළ යුතුයි.

Check Also

සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකාගේ දුෂණ චෝදන ප්‍රබල ආධාරකරුවන් 8 දෙනෙකුට එජනිසය යටතේ නාම යෝජනා ...

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...