Apple සහ Samsung ආයතන අතර පැවති එක්සත් ජනපද පේටන්ට් අරගලය නිමා වූයේ Apple ආයතනය වෙත ප්‍රබල ජයක් හිමි කරමිනි. කැලිෆෝනියානු ජූරිය විසින් “Samsung” කොරියානු තාක්‍ෂණ ව්‍යාපාර ආයතනයේ තරඟකාරී නිර්මාණ සහ අතුරු මුහුණත් බහුතරයක පේටන්ට් බල පත්‍ර නීති විරෝධී බව අනාවරණය කර ගන්නා ලදී.
Apple ආයතනය වෙත සිදු වූ අලාභ සඳහා ඩොලර් බිලියන 1 ක වන්දියක් ජූරිය විසින් නියම කරන ලදී. Samsung ආයතනය විසින් Apple i phone සඳහා පේටන්ට් අයිතිය ලැබී ඇති විශේෂ හැඩහුරුකම් සිතා මතා පිටපත් කර ඇති බවත් ඒ අතර “Rubber-banding” යන අනුචලනය (Scrolling), සුමට වීදුරු මුහුණත සහ රවුම් වූ කොන් සහිත අතුරු මුහුණත් සළැස්ම (Grid) යන අංග ඇතුළත් වේ. නමුත් “Samsung Galaxy Tab” යන නිශ්පාදනය “Apple iPad” හි ලක්‍ෂණ පිටපත් කර නැති බවත් තම කොරියානු ප්‍රතිවාදියා විසින් Apple ආයතනය හි වෙළඳ ප්‍රතිරූපයට හානි කර නැති බවත් ජූරිය පවසයි. “San Jose, California” හි පැවැත්වෙන නඩු විභාගය ලෝකයේ ආයතන දෙකක් අතර පවතිවන බුද්ධිමය දේපළ නඩු අතරින් මත භේදයන්ට තුඩු දෙන අතිශය වැදගත් නඩුවක් ලෙස දැක්විය හැකියි. තමන්ට සිදු වූ හානි සඳහා Apple ආයතනය ඩොලර් බිලියන 2.7 ක් බලාපොරොත්තු වූ අතර Samsung ආයතනය ඩොලර් මිලියන 400 ක් ඉල්ලා සිටියා.
Apple වෙත ලැබී ඇති තාක්‍ෂණික බලපත්‍රයේ, එහි “Touch-screen features”; ස්පර්ශයෙන් zoom කිරීම, “Bounce back scrolling” වැනි අංග ඇතුළත් වන අතර ආයතනයේ නිර්මාණ බලපත්‍රයේ, එහි සම්පූර්ණයෙන් වීදුරු වලින් නිමවූ මුහුණත, රවුම් වූ මුළු සහිත රාමුව සහ “App icons” වැනි අංග ඇතුළත් වේ. Apple ආයතනය චෝදනා කර සිටින්නේ පරිභෝජකයා ආයතන දෙකේ නිශ්පාදන දෙක හඳුනා ගැනීමේ දී මුලා විය හැකි බවයි. මේ අතර Samsung ආයතනය විසින් උපයෝගිතා 7 ක් බලපත්‍ර වල අයිතිය තහවුරු කර ගන්නා ලද අතර ඊට “wireless” සම්ප්‍රේෂණ තාක්‍ෂණය, කැමරාව සහ මූර්තනය, අනෙකුත් පහසුකම් භාවිතය අතරතුර සංගීතය ඇසීමේ හැකියාව වැනි අංග ඇතුළත් වේ. ලෝකව්‍යාප්ත පේටන්ට් අරගලය ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළු අනෙකුත් රටවල අධිකරණ වල ද විභාග වේ. Apple ආයතනය Samsung Electronics හි අර්ධ සන්නායක උපකරණ මිල දී ගන්නා ප්‍රබල පාරිභෝගිකයකු වන බැවින් ආයතන දෙක අතර සබඳතාව ව්‍යාකූල තත්වයක පවතී.
http://youtu.be/8qjqMqNPNE4