තේරීම් කමිටු සභාපති ධූරයෙන් සනත් ඉවත් වෙයි

0
127

-ජාතික තේරීම් කමිටු සභාපති ධූරයේ කටයුතු කරන සනත් ජයසූරිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තාවේ.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දුන් බවත් එසේ ම ඉදිරියේදී ද තම සේවය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දීමට සූදානම් බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.