ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන සනත් ජයසූරිය මහතාගෙන් තමන්ට දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් සැන්ඩ‍්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය අද කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කළා ය.
තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක වන්දියක් ලබාදීමටත් නියෝග කරන ලෙස ද පෙත්සම මගින් ඇය ඉල්ලා තිබේ.
බිලියනයකට අධික දේපළවල හිමිකාරිත්වය දරණ විත්තිකරුගෙන් දරුවනගේ ප‍්‍රයෝජනය සඳහා මෝටර් රථ දෙකක් ද මෙමගින් ඉල්ලා තිබේ. තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් සාදා දෙන ලෙස ද සැන්ඩ‍්‍රා ටානයා මහත්මිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.
සනත් ජයසූරිය මහතාට දාව දරුවන් තිදෙනකුගේ මව වන සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය සනත් ජයසූරිය මහතාගේ දෙවැනි විවාහයේ බිරිඳ වේ.
Rivira