වැලි ගොඩදැමීම සහ ප්‍රවාහනය තහනම් – මැණික් ගැරීමත් තහනම්.

0
125

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කරමින් සිය නිලධාරීන්ට ශ්‍රී ලංකාව තුළ මැණික් ගැරීමට කිසිදු විදේශීය සමාගමකට හෝ විදේශිකයෙකුට ඉඩ නොදෙන ලෙසත්, ඒ සඳහා ඉල්ලීම් ලැබී ඇත්නම් වහාම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී ඇත. මීට අමතරව පෙබරවාරි මස 01 වැනිදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩදැමීම සහ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර දිවයිනේ වැලි ගොඩදැමීමට සුදුසු සහ නුදුසුදු ප්‍රදේශ මොනවාද යන්න සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.