ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි වසර කිහිපයේදී ලෝක එක්දින පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් පිළිබද සංගා කරුණු අනාවරණය කරයි.

0
129

-ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න ඉදිරි වසර කිහිපයේදී ලෝක එක්දින පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්වෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර තොරතුරු අනාවරණය කරයි. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය හා සාකච්ඡාවකට එක්වෙමින් ඊළඟ වසර කිහිපයේදී එක්දින පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් කවුරුන් වෙයිදැයි යනුවෙන් එම පුවත් සේවය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දක්වා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්නද නිදහසකින් මෙන්ම, රිද්මයකින් පහරදෙන ක්‍රීඩකයෙකු බවද ඔහුද එක්දින පිටියේ නැගී ගෙන ක්‍රීඩකයෙකු බවට පත්වෙනු ඇතැයි සංගක්කාර පවසයි. ඔවුන් දෙදෙනාට අමතරව නවසීලන්තයේ කේන් විලියම්සන්, ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් මෙන්ම ඉන්දියාවේ අජින්ක්‍යා රහානේද එක්දින පිටියේ වෙනසක් කරනු ඇතැයි ඔහු සඳහන් කර ඇත.