12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

සංගක්කාර ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසු කරයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටියේය.

කුමාර් සංගක්කාර අද ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසු කළේ ය.

සංගක්කාර එම දක්ෂතානය දැක්වූ ලොව 5 වැනි ක්‍රීඩකයා වේ.

එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද සංගක්කාර වේ.

වෙලිංටන්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 221 ක් පමණි.

නුවන් ප්‍රදීප් ලකුණු 63 කට කඩුලු 4ක් දවා ගත්තේය.

සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත් අතර ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළේ, ලකුණු 78 ක් පමණි.

කුමර් සංගක්කාර ලකුණු 33 ක් නොදැවී ලබාගෙන කඩුල්ලේ රැඳී සිටී.

ඩක් බ්‍රස්වේල් ලකුණු 23ට කඩුලු 3ක් දවා ගත්තේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles