16 C
London
Thursday, November 13, 2025
spot_img

සංගාට ලන්ඩන් වලදී බාධා

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලන්ඩන් හීතෘ ගුවන්තොටුපොලේදී පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. ආගමන විගමන නිළධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම තත්ත්වය උදාවූ බවයි සංගක්කාර සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ. වසර 15ක් තිස්සේ තමන් එංගලන්තයට පැමිණෙන නමුත් මෙවැනි සිදුවීමක් කිසිදිනෙක සිදුව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රීඩකයා පවසනවා. ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් සිටීම තමන් පිළිගන්නා නමුත් එම කටයුතුවලදී ආචාරශීලීව කටයුතු කිරීම වැදගත් බව සංගක්කාර සිය ට්විටර් ගිණුම මගින් පෙන්වා දී තිබෙනවා. එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහායි සංගක්කාර එංගලන්තයට පිටත්ව ගියේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles