13.1 C
London
Friday, November 14, 2025
spot_img

සංගා පෙරමුණට

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් රැස් කළ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අයි.සී.සී. ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ නැවත අත්කර ගත්තේය.

තරග 2-0 කින් නවසීලන්තය හමුවේ ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වූව ද ද්විත්ව ශතකය හේතුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 909 ක් රැස් කිරීමට ඔහුට හැකිවිය. එම තරගමාලාවේ සෙසු ඉනිම් 3දී ඔහු රැස් කළේ ලකුණු 12ක් පමණි. එහෙත් මීට පෙර ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ මුල් තැන ලබා සිටි දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් අභිබවා යාමට ඔහුගේ ද්විත්ව ශතකය ප්‍රමාණවත් විය.

පසුගිය වසරේ දී ටෙස්ට් ශතක 4ක් සහ අර්ධ ශතක 8ක් සමග ලකුණු 1438ක් රැස්කරගත් සංගක්කාර දෙවැනි තැනට ඇද දැමූ ඩිවිලියර්ස් වසර අවසන් වනවිට මුල්තැනට පත්ව සිටියේය. නවතම ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි තැන සිටින ඩිවිලියර්ස් ප්‍රසාද ලකුණු 908 ක් ලබා සිටී.

දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ නායක හෂීම් අම්ලා ප්‍රසාද ලකුණු 891 ක් ලබා ගනිමින් තුන්වැනි තැනට පත්ව සිටින අතර ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගමාලාවේ දි වාර්තාගත ලකුණු 769 ක් රැස් කළ ඔස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ වැඩ බලන නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ සිවුවැනි තැන අත්කර ගැනීමට සමත්විය. ඔහු ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 873 කි.

ප්‍රසාද ලකුණු 841 ක් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පස්වැනි තැන රැඳී සිටින අතර ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගමාලාවේ වැඩිම ලකුණුලාභියා වන කේන් විලියම්සන් ප්‍රසාද ලකුණු 839 ක් ලබා 6 වැනි තැනට පත්ව සිටී. ටෙස්ට් පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ තවමත් පෙරමුණේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 905 ක් ලබා ගත් දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන්ය. ඔස්ට්‍රේලියාවේ රයන් හැරිස් (ප්‍රසාද ලකුණු 826) දෙවැනි ස්ථානයත්, රංගන හේරත් (ප්‍රසාද ලකුණු 807) තුන්වැනි ස්ථානයෙත් පසුවෙති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles