16 C
London
Thursday, November 13, 2025
spot_img

සන්නා ට එරෙහිව ගෝඨා

ගෝඨාභය රාජක්ෂ රත්මලාන ආසනයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සදහන් කර සිටී.

මේ පිළිබදව සාකච්ඡාවක් ඊයේ (25) සවස පවත්වා ඇති අතර එම සාකච්ඡාව තුළදී අවධාරණය කොට ඇත්තේ පවතින ආණ්ඩුවට මූලිකව ප්‍රහාරයන් දියත් කිරීමත් අනතුරුව ප්‍රචාරක ආයතනයන් හරහා මෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි හරහාද තම මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට ඔහු අදහස් කොට ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ තරග වැදීම සදහා වැඩි ප්‍රවනතාවයක් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වන බවට අදාළ ආරංචි මාර්ග තහවුරු කර සිටී.
එසේම මීට පෙර වාර්තා වී පැවැතියේ ගෝඨාභය රාජපක්ෂ කෝට්ටේ ආසනයෙන් තරගවැදීමට සූදානම් වන බව වුවත් රත්මලාන ආසනයේ මහින්ද හිතවාදියෙකු වූ ජීවන් කුමාරතුංග විසින් පසුගිය කාලයේ සිදුකරනු ලැබූ මහින්දට එරෙහි ක්‍රියාදාමයන් හා කතාවන් විසින් රත්මලානට මහින්දවාදියෙකු දැමීමේ ප්‍රයත්නයක් ලෙස ගෝඨාභය මෙලෙස තෝරාගෙන ඇතිබවටද එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කර සිටී.

එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායකවරයා වන්නේ උපුල් ශාන්ත සන්නස්ගල මහතායි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles