11.3 C
London
Saturday, May 17, 2025
spot_img

“මම රත්මලානෙන් මහ ඡන්දෙට ඉල්ලනවා “

තමන් ඉදිරි මහ මැතිවරණයේ දී රත්මලාන ප්‍රදේශයෙන් තරගවදින බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි.

ඔහුට එරෙහිව, මාධ්‍යවේදී සේපාල් අමරසිංහ මහතා ඇතුළු විශාල පිරිසක්, ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි තුළ එල්ල කරන විවිධ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කර සිටී.
තමාගේ පොත් දොරට වැඩීමේ උත්සවය වර්ජනය කරන ලෙසට අමරසිංහ මහතා ජනාධිපතිතුමාට ලිපියක් පවා යවා තිබුණු බව සඳහන් කරන සන්නස්ගල මහතා ජනාධිපතිතුමා එම උත්සවයට පැමිණියේ ඇයිද යන්න ගැන ජනාධිපතිතුමාගෙන්ම අසා බලන ලෙසට ඔහුට කියා සිටියි.

“මගේ උත්සවයට ආවේ ඇයි කියලා අහන්න ඕනේ ජනාධිපතිතුමාගෙන්. එතුමානේ ආවේ. එනවා ද නැද්ද කියන එක තීරණය කළේ එතුමා. ඒ වෙලාවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කරපු කතා දෙක ඇහුවා නම් ඔය ප්‍රශ්න වලට උත්තර තියෙයි. ඒකට මම උත්තර දෙන්න ඕනේ නෑ.”

“සේපාල් අමරසිංහ කාලෙක මගේ මිත්‍රයෙක්. මම රත්මලානෙන් ඡන්දෙ ඉල්ලන හින්දා මේ දවස්වල එයා මගේ කැම්පේන් එක කරනවා. විවේචනය නොවන චරිතයක් ලෝකයේ කොහේදිවත් චරිතයක් වන්නේ නැහැ. ඒක හින්දා සේපාල් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ මගේ කොන්ත්‍රාත්තුවක්. ඒ ගැන මම සේපාල්ට ස්තූති කරනවා. සේපාල් විතරක් නෙවෙයි. මම දේශපාලනය කරන්න යන මේ වගේ වෙලාවක, නොමිලේම ස්වෙච්ඡාවෙන් ප්‍රචාරණ කටයුතු භාර ගැනීම සම්බන්ධව, සයිබර් අවකාශය ඇතුළේ මා පිළිබඳව කතා කරන සියලුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසීය

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles