මෛත්‍රීට ඡන්දය දෙන ලෙස තමාගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසුන්ට සන්නස්ගලගෙන් ආරාධනා.

කලාකරුවන් පිරිසකට පහරදුන් පවතින ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව ප්‍රවීණ සිංහල දේශක උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.

සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු කීය.ඉන්දීය නළු නිළියන් තරු පහේ හෝටල්වල නතර කර යුක්තිය වෙනුවෙන් හ~නගන මෙරට නළු නිළියන්ට පහරදීම අනුමතක කරනවාදැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ගෙන් විමසා සිටින බවද සන්නස්ගල මහතා ප්‍රකාශ කළේය.

කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවති අලූ‍ත්පරපුර සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමාගෙන් ඉගෙන ගත් දරු දැරියන් පිරිසට රට ගැන හැඟීමක් තිඛෙන බවයි. එම සියලූ‍දෙනාට මෙම අරගලයට එකතුවන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.

මේ අතර උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් රචිත අම්මා කෘතිය ඇසුරින් දෙරණ රූපවාහිනී නාලිකාවේ සතියේ දින පහේ දී විකාශය වන අම්මා ටෙලිනාට්‍ය ද නවතා දමන ලෙස දේශපාලන බලපෑම් එල්ලවී ඇතැයි දෙරණ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සන්නස්ගල මහතා ජනාධිපති පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රචාරය වෙනුවෙන් නිර්මාණය කරන ලද දැන්වීම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටීම නිසා අදාල ටෙලි නාට්‍ය මැතිවරණය අවසන් වනතෙක් තාවකාලිකව නවතා දමන ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් දන්වා ඇතැයි පැවසේ.

කෙසේවවුද මීට පෙර ගිනිඅවි හා ගිනිකෙළි නැමැති ටෙලිනාට්‍ය ද දෙරණ නාලිකාවට තාවකාලිකව අත්හිටුවිමට සිදුවිය.ඒ එහි ප්‍රධාන චරිතයක් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජනප්‍රිය නළු රන්ජන් රාමනායක විසින් රඟපෑම නිසාය.

කෙසේවුවද මේවන විට ටෙලිනාට්‍ය දෙකකටම රජයෙන් වාරණයන් වැටීම නිසා එම නාලිකාව අදාල විකාශන කාලය පුරවා ගැනීමේ අපහසුතාවයකට ලක්ව සිටින බවද වාර්තා වේ. අම්මා ටෙලිනාට්‍ය තිළිණ බොරලැස්ස විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර එහි අම්මාගේ චරිතය නිල්මි‚ තෙන්නකෝන් විසින් ද තාත්තාගේ චරිතය සරත් කොතලාවල විසින් ද රඟති.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...