“චම්පිකට වැඩිය මහින්ද හොඳයි”

0
115

අමාත්‍ය චම්පික රණවක වැනි ෆැසිස්ට් වාදියෙකු ශ්‍රිලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් කරනවාට වඩා එපාවු මහින්ද රාජපක්ෂ යළි පත්කර ගැනිම හොඳ බව ප්‍රවින විචාරක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පවසයි. “ජනවරමට ගරු කරනු – විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ” යන මැයෙන් අද (8) පස්වරුවේ කොළඹ නව රඟහලේ පැවති සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ බව කීය. පුරවැසි බලය සංවිධානය ‍මෙය සංවිධානය කර තිබිණ.

චම්පික රණවක ගේ පැසිස්ට්වාදී ලක්ෂණ ඉතිහාසය පුරා පෙන්නුම් කරන බවත්, ඔහු මීළග ජනාධිපතිවරණ‍යට තරඟ කර මෙරට මිළඟ විධායක ජනා‍ධිපතිවරවයා වීමේ සිහිනයෙන් පසුවන බවත් සන්නස්ගල මහතා මෙහිදී කීය. එසේ බැලූ කල චම්පික රණවක අමාත්‍යවරයා මෙරට ජනාධිපති කරනවාට පවා එපාවු මහින්ද ගෙන ඒම හොඳ බව ඒ මහතා සදහන් කළේය. මේ නිසා එක් පුද්ගලයකුගේ අපේක්ෂාවන් වෙනුවෙන් ජනවරම බිල්ලට දිය යුතු නැතැයි ද ඒ මහතා කීය.

පසුගිය ජනාධිපති වරණ සමයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චම්පික රණවක අමාත්‍යවරයා සපථ කළ බවද සන්නස්ගල මහතා පැවසීය.