ගම්පහ මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සමයේ කළැයි කියන රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) විශාල ඇපයක් වන රුපියල් ලක්ෂ එක හමාරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600 ක ශරීර ඇප තබන ලෙස ඔහුට නියම කරන ලදී. ඔහුට එරෙහිව නගා ඇති චෝදනා ගණන 107 ක් වෙයි. එම පැමිණිලි 107 කට අදාලවයි මෙම නඩුව විභාගයට ගැනිනි. නඩුව මැයි මස 14 වැනිදා නැවත කැදවීමට නියමිතව ඇත.

