Wednesday , 22 January 2025

‘හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක්’ – හිටපු හමුදාපති

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ලවුණු ප්‍රහාරය පිළිබද පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කියයි.
නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බ්‍රහස්පතින්දා එල්ලවුණු ප්‍රහාරය පිළිබද තමා පුදුමයට පත්වන්නේ නැතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

පළාත් සභා ඡන්දයට පෙර රජයේ ආධාර කරුවන් සහ දේශපාලඥයින් හම්බන්තොට ප්‍රදේශයේ අයුක්තිය රජ කරවමින්, නීතිය අවනීතිය බවට පත් කර ගිනි අවි හා බෝම්බ අතට ගෙන මැර බලයෙන් ජනතාවට හිරිහැර කරමින් සිටීම ඊට හේතුව යයි හිටපු හමුදාපතිවරයා පවසයි.

තම පාක්ෂිකයන්ට ද පසුගියදා පැවැත්වුන පළාත් සභා මැතිවරණයේදී එවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වූ බවයි,ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

මුදා නොගත් ප්‍රදේශයක්
නාම යෝජනා දුන් අවස්ථාවේ තම පක්ෂය විසින් ආසන හතරක පැවැත්වීමට සැළසුම් කර තිබු රැස්වීම් අටකට අවසර නොලැබුණු බව සිහිපත් කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ පහරකෑම් ලබද්දී පොලීසිය අසරණව බලා සිටි අවස්ථා තිබුණු බවත් සඳහන් කළේය.

හම්බන්තොට ප්‍රදේශය මුදා නොගත් ප්‍රදේශයක් ලෙස හඳුන්වන හිටපු හමුදාපතිවරයා, එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් තම රාජකාරිය කිරීමට නොහැකිව සාක්කුවල අත දමාගෙන සිටින මොහොතක මැරයින් පිස්තෝල බෝම්බ රැගෙන නිදැල්ලේ නීතීය මෙහෙය වන බවයි පෙන්වාදෙන්නේ.

BBC

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...