13.5 C
London
Friday, April 25, 2025
spot_img

“දුෂිත රජය සමග සන්ධානගත ගත වෙන්නේ නෑ. රට වෙනුවෙන් යමක් ඉටු කිරීමට නොහැකි පුද්ගලයින්ගේ කූට උපක්‍රම වලට රැවටෙන්න එපා” -ජෙනරාල් සරත් ෆොන්සේකා

තම පක්ෂය සන්ධානගතවීමට සැරසෙන බවට පුවත්පත්වල පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ මීරිගම, පස්යාලේදී පැවැති ජන හමුවකදී ය.

“අද මම දැක්කා පත්තරයක තිබුණා ප්‍රධාන සිරස්තලයක් උතුමානොත් එක්ක අපි එකතුවෙන්න සාකච්ඡා කරනවා කියලා. කතාවක් තියෙනවා කියලා. මේවා ඔක්කොම කූට උපක්‍රම”.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, රට වෙනුවෙන් යමක් ඉටු කිරීමට නොහැකි පුද්ගලයින් එවැනි ප්‍රචාරයන් සිදු කරමින් සිටින බව ය.

“උතුමානෝගේ හැසිරීම දැකලා අපිට ඇතිවුණ කලකිරීම අපිට ලේසියෙන් අමතක කරන්න බෑ. ඒ හින්දා තමයි අපි මේ අලුත් බලවේගය නැවුම් ඡන්ද ලකුණු ගිනිසිළුව තමුන්නාන්සේලාට හඳුන්වා දුන්නේ”.

එම ජන හමුවට එක් ව සිටි පක්ෂයේ කොළොන්නාව ප්‍රධාන සංවිධායක සුසිල් කිඳෙල්පිටිය මහතා ද අදහස් පළ කළේ ය.කිඳෙල්පිටිය මහතා පැවසුවේ, වර්තමානයේ විපක්ෂය තුළ ක්‍රියාත්මක වන්නේ එක පක්ෂයක් පමණක් බව ය.

“මිත්‍රවරුණි මතක තියාගන්න එක එක පාට දේශපාලන පක්ෂ විපක්ෂ තිබුණට අද විපක්ෂයේ එක පක්ෂයයි තියෙන්නේ. බලය නැතුව තමුන්නාන්සේලා වෙනුවෙන් සටන් කරන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ නායකත්වයෙන් යුත් මේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය විතරයි.”

Source: newsfirst.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles