13.1 C
London
Friday, November 14, 2025
spot_img

ජනාධිපති නීතීඥ ලෙස සරත් ජයමාන්න අද දිවුරුම් දෙයි.

අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ජනාධිපති නීතීඥවරයකු ලෙස අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඉදිරියේදී අද (18) දිවුරුම් දෙන ලදී.
ජයමාන්න මහතා තෙල්දෙණියේ දුම්බර මහා විද්‍යාලයයේ හා මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයයේ ආදී සිසුවෙක් වන අතර 1985 දි නීතී විද්‍යාලයට ඇතුළත් විය. නිතීපති දෙපාර්තමේන්තුවට බැඳුණු ජයමාන්න මහතා එහි තනතුරු කිහිපයක් දරන ලදී. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව හා හෞතික විද්‍යාව උපාධිධරයෙක්ද වේ.

මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ,අභියාචනාධිකරණයේ සහ මහාධීකරණයේ විනිසුරුවරු පිරිසක්ද මහේස්ත්‍රාත්වරු අතිරේක මහේස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු හා අතිරේක දිසා විනිසුරුවරු පිරිසක්ද නීතීවේදීහු ද සහභාගී විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles