සැහැල්ලු ගමනට
එදිනෙදා ගමන් බිමන්වලට සාරියක් තෝරා ගනිද්දී හැම වෙලේම සැහැල්ලු සාරියක් තෝරාගන්න මතක තියාගන්න. වැඩ රාජකාරි අතරේ සාරිය ඔබට කරදරයක් නොවිය යුතු නිසා බරින් අඩු සිල්ක් වැනි සාරියක් තෝරාගන්න. ඔබ හැඩගැන්වෙන්නේ සාරියකින් නම් ඔබේ ඇඟට ඇලෙන, පිම්බෙන ගතිය අඩු සාරියක් තෝරාගන්න. ඔබ ඔසරියකින් හැඩ ගැන්වෙනවා නම් හෑන්ඩ්ලූම්, රෝ සිල්ක් (row-silk) වැනි සාරි වර්ගයක් තෝරාගන්න. එයින් ඔබේ ඇඟේ හැඩය හොඳින් ඉස්මතු කොට දැක්විය හැකියි. ඔගෙන්සා, කල්කටා සිල්ක් වැනි සාරි වර්ගවලින් ඔසරිය අඳිනවා නම් එයින් ඔබේ ඇඟේ හැඩය ඉස්මතු කරලා දක්වන්න තරමක් අපහසුයි. සමහරවිට Made up ක්‍රමයට ඔසරිය සකස් කළොත් පිම්බෙන ගතිය තරමක්දුරට අඩුකරගන්න පුළුවන්. සිල්ක් සාරියක් ඔසරියක් විදියට අඳින විට ඇඟට ඇලෙන නිසා කෙට්ටු බව හොඳින් කැපී පෙනෙනවා. Made up ක්‍රමයට සකස් කරගෙන මහත කෙනකුට ඵඪතඬ සාරියකින් ඔසරියක් ඇඳලා තමන්ගේ තරබාරු බව අඩුකරලා පෙන්වන්නත් පුළුවන්.
පිරිසුදු කිරීම
මේ දවස්වල සාරි විලාසිතා අතර නෙට් සහ ලේස් රෙද්දෙන් නිමැවුණු සාරි වර්ග දක්නට ලැබෙනවා. නෙට් රෙද්දකින් ඔසරිය අඳිනවා නම් එය made up ක්‍රමයට සකස් කරගත යුතුයි. සාරිය අඳිනවා නම් ගැටලුවක් නැහැ. ඔබ අඳින සාරිය සෝදන්නේ නැතිව dry clean කළ හැකි නම් වඩාත් සුදුසුයි. සාරිය මිලදී ගන්නා විට ලැබුණු ආවරණයේම තවදුරටත් සාරිය තබන්න එපා. එය හැන්ගර් එකක එල්ලා තබන්න. එසේ නොවුණහොත් කාලයත් සමඟ ඔබේ සාරියේ ඇති වර්ණයන් වෙනස් වේවි.
සාරියේ පොට
ඔබ නිතර දෙවේලේ සාරිය අඳින කාන්තාවක් නම් සාරියේ පොට ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. සාරියේ පොට විලුඹ මට්ටම දක්වා දික් වූ විට එය ඔබට පහසු වේවි. නමුත් විලුඹ මට්ටමෙන් පහළට සාරි පොට දික්වන විට එය ඔබට මහත් අපහසුවක් ගෙනදේවි. ඔබ සාරිය සඳහා අඩි උස පාවහන් පලඳිනවා නම් සාරිය අඳින විටම එය පලඳින්න. ඉන්පසුව ඔබේ උසට ගැළපෙන අයුරින් සාරියේ පොට සකස් කරගන්න.
හැට්ටය මැසීම
සාරිය සඳහා හැට්ටය මැසීමේදී වුවද සාරියේ රෙදි වර්ගය අනුව එහි වෙනස්කම් ඇති බව මතක තබාගත යුතුය. නෙට් සහ විනිවිද පෙනෙන රෙදි වර්ගවලින් සාරිය හෝ ඔසරිය ඇඳීමෙදී හැට්ටයේ විවරය ඉදිරිපසට නොදැමිය යුතුයි. එසේ හැට්ටයේ විවරය ඉදිරිපසින් ඇතිවිට එය සාරිය ඇන්දවිට කැපී පෙනේ. එයින් ඔබේ පෙනුමට අවලස්සනක් එක්කරයි. සාරි හැට්ටයේ කර කැපීමේදී වුවද ශරීරයේ කෙට්ටු බව හා මහත බව තවත් තීව්ර කර දැක්විය හැකි නිසා ඒ ගැන අවධානය යොමු කිරීම සුදුසුය. මහත ශරීරයක් තව තවත් නිරාවරණය වූ විට එහි මහත බව තවත් වැඩිකර දක්වයි. කෙට්ටු අයකු සාමාන්‍ය ප්‍රමාණයට හැට්ටයේ කර කැපීම සුදුසුයි.
සාරිය අඳින ක්‍රමය
සාරිය සඳහා ආභරණ තෝරා ගැනීමේදී වුවද සාරියේ වර්ගයට සහ වර්ණයට ගැළපෙන අයුරින් ඉතා කුඩා ආභරණ තෝරාගන්න. සාරිය අඳිනුයේ ඉණටය. වර්තමානයේ බොහෝ දෙනෙක් සාරිය අඳිනුයේ උකුලටය. එය තම පෙනුමට අශෝභන බවක් එක්කරයි. යට සාය ඇඳීමේදී දණහිසට රැලි තැබූ සායක් තෝරා ගැනීම තුළින් ඔබේ ශරීරයේ හැඩය තවත් ඉස්මතු කොට පෙන්වයි. උකුලත් සමඟ යට සාය එකට තදවිය යුතුයි. එසේ නොවුණහොත් සාරිය කෙතරම් කටු ගසා රැඳවුවද එහි පොට උඩට තෙරපේ. සමහරක් දෙනා ඉණට නූලක් දමා ගැට ගසන යටසායවල් අඳී. එයින් ඇඟේ හැඩය වෙනස් වේ. සාරියේ පාටට ගැළපෙන අයුරින් යට සායේ වර්ණය වෙනස් කරගත යුතුය. සාරියේ පැහැය, යට සායේ පැහැය තුළින් කැපී පෙනෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම සුදුසුය. යට සායේ දිග විළුඹට වඩා අඟල් දෙකක් පමණ අඩුවෙන් මසා ගැනීම සුදුසුය.
සාරියේ යට සාය
යට සාය කොට වූ විට එය සාරියෙන් විනිවිද කැපී පෙනේ. යට සායේ යටින්ම රේන්ද ආදිය ඇල්ලීමෙන් සාරිය යම් තරමින් හෝ ඉහළට එසවුණු විට සාරියට අවලස්සනක් එක් කරයි. යට සාය මැසීමට රෙදි තේරා ගැනීමේදී ‘ලාමා’ හෝ වෙනත් දිලිසෙන රෙදි වර්ග ඒ සඳහා තෝරා නොගත යුතුයි. ශරීරයට දහදිය දාන විට ඔබට අපහසුවක් එක් කරයි. එයින් ඔබට කෘත්‍රිම පෙනුමක් වුවද එක් කරයි. එනිසා යට සාය මැසීමට රෙදි තෝරා ගන්නා විට පොප්ලින් වැනි රෙද්දක් තෝරා ගැනීම ඔබට පහසුවක් එක්කරයි. ඔබ සාරියක් මිලදී ගන්නා විට ඔබේ අවශ්‍යතාව හොඳින් හඳුනාගත යුතුය. ඔබ සාරිය මිලදී ගන්නේ එයින් ඔසරියක් ඇඳීමට නම් සාරියේ පල්ලුව තරමක් පළලට සිටින සේ තෝරා ගැනීම සුදුසුය. එසේ නොමැති නම් සාරිය වටේ බෝඩරය අඟල් පහක් පමණ පළලකින් යුතු සාරියක් තෝරා ගත යුතුය. ඔබ සාරිය මිලදී ගන්නේ සාරියක් ඇඳීමට නම් මේ පිළිබඳ එතරම් සැලකිලිමත් විය යුතු නොවේ. නමුත් සාරිය මිලදී ගන්නා විට එය අඳිනා වේලාව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. උදේ කාලයේදී නම් ළා වර්ණත්, සවස් කාලයේදී නම් තද වර්ණත් තෝරා ගැනීම සුදුසුය. තද පැහැ සමක් ඇති අයකුට ළා වර්ණයෙන් යුතු සාරි වඩාත් ගැළපේ. එකිනෙදා භාවිතයට සාරි මිලට ගැනීමේදී ග්ලිටර් පබළු, ස්වීකීන් වැනි විසිතුරු දෑවලින් හැඩ දැමූ සාරි තෝරා ගැනීම නොකළ යුතුයි.
(ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ප්‍රදීප් දර්ශන) සවනි ශේශාධි