Wednesday , 4 December 2024

බලු බළලුන් වනසා දැමුවහොත් සෙනසුරුගෙන් විපත්

අඩසියවසකටත් වඩා වෘත්තීය අත්දැකීම් සහිත ප්රණවීන ජ්යෝිතීර්වේදී අමරසේන වේගිරියගෙන් අනතුරු ඇගවීමක්
පොදු රාජ්යර මණ්ඩල නායක සමුළුව වෙනුවෙන් කොළඹ නගරයේ සඟවා තැබූ සුනඛ රැල පසුව ඝාතනයට ලක්ව ඇති බවට නොනිල වාර්තා සහ කටකතා පවතී.

ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භයයි. එහි අධිපතියා සෙනසුරුය. සෙනසුරු බලු බළලුන් නියෝජනය කරයි. ඔවුන් සතුරු කර ගැනීම හෝ විනාශ කිරීම සෙනසුරුගේ වෛරය ඇතිවීමට හේතුවේ. ඒනිසා අප රට සම්බන්ධයෙන් සෙනසුරුගේ මිත්‍රශීලීත්වය රඳවා ගැනීම පිණිස බලු බළලුන් කෙරෙහි දක්වන පුද්ගල මට්ටමේ හා රාජ්‍ය මට්ටමේ කරුණාව තවත් වැඩි කළ යුතුය. අප එසේ කියන්නේ විෂ්ණුට ද බටකොළ කැවූ සෙනසුරු කුමන උපායකින් හෝ මිත්‍රව ස්නේහවන්තව තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට අවශ්‍යම කාරණාවක් බැවිනි.

සත්වයන්ට අභය දානය දීම, මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම, ඔවුන්ට ආහාරපාන, නවාතැන්, බෙහෙත් ද්‍රව්‍ය ලබාදීම හා කාරුණිකව සැලකීම කෙනෙකුට ළඟා වන මහත් අපල උපද්‍රව වැළැක්වීමට හේතුවක් වන බව පැරණි භාරතීය ‍ජ්‍යොතිෂයෙහි දැක්වේ. මෙහිදී එක්වරම අපගේ සිත්වලට නැංවෙනුයේ රට පුරා දක්නට හා අසන්නට ලැබුණු බලු කපුටු දානමය පින්කම්ය. අද සමාජයේ බොහෝ දෙනකුට මෙවැනි දේ ගැන අසන්නටවත් නොලැබේ. එය සමාජයේ අහපතට හේතුවන්නකි.
විශේෂයෙන් නම ඇසූ පමණින් බියට පත්වන සෙනසුරුගේ අපල උපද්‍රව වලින් මිදීම සඳහා බලු, බළල්, කපුටු යනාදී අසරණ සතුන්ට ආහාරපාන දිය යුතු බව සඳහන් වේ. මෙය පුරාණ ජ්යෝ්තීර්වේදී සිද්ධාන්ත කෘතිවල සඳහන් වන්නකි. මරණයට කැපවූ සතෙකු විශේෂයෙන් ගවයෙකු නිදහස් කිරීම ග්‍රහ අපලයක් නිසා මරණයට පත් වීමට ඉඩ තිබෙන කෙනෙකුගේ ආයුෂ වර්ධනයට හේතුවේ. රටේ වාසනාවට මෙන් අද වන විට බොහෝ දෙනෙකු මේ උතුම් කාරණය අවබෝධ කරගෙන එම සද්කාර්යයන්හි නිරත වන බව පෙනේ. මෙය කිසියම් ආගමකට පමණක් සීමා වූ කාරණයක් නොව ‍පොදුවේ මුළු මහත් ලෝකයටම වැඩදායක වන කාරණයක් බව සැලකිය යුතුය.

බුද්ධදාස රජතුමා ශල්‍යකර්මයකින් නාගයෙකු සුවපත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එවන් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා වාසීන්ට එම කරුණා ගුණය යළි වහා ඉස්මතු කර ගත යුතු කාලය දැන් එළැඹ තිබේ. මිනිස් ඝාතන මෙන්ම සත්ව ඝාතනද මේ වකවානුව තුළ බහුල ලෙස ඉහළ යමින් පවතී. අධ්‍යාත්මය ‍පෝෂණය නොවුණහොත් භෞතික වශයෙන් සශ්‍රීක වන්නාවූ කිසිදු දෙයකින් කිසිදු ප්‍රයෝජන නොලැබෙනු ඇත.

ගවයන්, එළුවන් හා කුකුළන් බිලිදී යාග හෝම පවත්වන මුන්නේශ්වරමේ, භද්‍රකාලී කෝවිලට සම්බන්ධ අයගේ පවා අදහසක් වන්නේ සුනඛයන්, බළලුන් මරා දැමීම සොබාදහම කෝපාවිෂ්ට වී මහත් විනාශයක් සිදුවිය හැකි කාරණයක් බවය. ලොවටම ආපදා කළහැකි සෙනසුරු සතුටු කිරීම සඳහා සුනඛයන්ට, බළලුන්ට ආහාරපාන හා නවාතැන් සහ ඖෂධ දිය යුතු බවට ‍ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්තය සමග මේ කාරණය ඒකාබද්ධ වේ.
දිගු කලක් පළාත් පාලන ආයතන මගින් සිදුකරගෙන ආ නිදැල්‍ලේ හැසිරෙන සුනඛයන් ඝාතනය කිරීමේ ක්‍රියාවලිය බොහෝ දෙනාගේ විරෝධතා සහ ජාත්ය න්තර සත්ව හිමිකම් නීතිරීති සැළකිල්ලට ගෙන නවතා දැමීමට සිදුවිය.
සුනඛයන් මරා දැමීම සාධාරණ යැයි සිතන බොහෝ දෙනෙකුගේ මතය වන්නේ ජලභීතිකාව තුරන් කිරීම පිණිස ගතහැකි හොඳම පියවර එය බවය. නමුත් ලොව සෑම දියුණු රටකම සුනඛයා ජීවත්ව සිටියදීම ජලභීතිකා රෝගය ඉවත් කෙරෙන අතරේ බෞද්ධ රටක්වන ශ්රීය ලංකාවේ වත්මන් ජන විඥානය එසේ සැකසී තිබීම බුදුන්ට ද කරන නිගාවකි. සුනඛයන් මරාදැමීමෙන් අත්පත් කර ගත හැකි ලාභයට හා පහසුවට වැඩි අලාභයක් ඔවුන් වැනසීමෙන් සිදුවිය හැක. සොබාදහම නිරතුරුව අපේ ක්‍රියාකාරකම් දෙස ඇස ගසා සිටිමින් ඒවාට ප්‍රතිචාර දැක්වීමට යුහුසුළු වෙයි. ඒ ප්රාතිචාර අප සිතනවාට වඩා බෙහෙවින් බිහිසුණු විය හැක.

මිනිසාගේ සමීපතම මිතුරන් වන බලු, බළලුන් වෙත කාරුණිකව නෙත් යොමු කළ යුතුය. ඔවුනගේ ගහනය පාලනය කිරීමට ක්ර මවත් ක්‍රමෝපායයන් යෙදිය යුතු අතර ජීවත්ව සිටින්නවුන්ගේ අයිතිවාසිකම්, හිමිකම් සහ සුබසාධනය පිළිබඳව නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුවේ.

source – https://www.facebook.com/ahinsasrilankapage

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...