Wednesday , 22 January 2025

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සම කැඳවුම්කරු – සංජීව බණ්ඩාර

01.ඔයා කියන විදියට කොහොමද ඇත්ත ආතල් එය හොයාගන්නේ?
මේ සමාජයෙන් සාතිශය බහුතරයකට රස්සා නෑ. තවත් අයට තමන් කැමැති රස්සාව කරන්න ඉඩක් නැහැ. රැකියාව මිනිහෙක්ගේ ආර්ථිකය හා බැඳිලා තියෙන්නේ. ජීවිතය ගොඩනැඟෙන්නේ ආර්ථිකයත් එක්ක. සාතිශය බහුතරය අපි ගත්තොත් හතර දෙනකුගේ පවුලකට සාමාන්‍ය විදියට ජීවත්වෙන්න අවම වශයෙන් රුපියල් 48,000ක්වත් ඕනෑ. ඒත් බහුතරයක් ඉන්නේ රුපියල් 25,000ටත් වඩා අඩු වැටුපක් ගන්න අය. රුපියල් 15,000ටත් වඩා අඩු වැටුප් ගන්න තවත් විශාල ප්‍රමාණයක් ඉන්නවා.

වැටුපකුත් නැහැ. ඒ වගේම තවත් පිරිසකට තමන් කැමැති රස්සාව කරන්න නැහැ. කැමැති රස්සාව ලැබුණොත් ඒ තුළ තමන්ට අභිමතය කරන්න ඉඩ නැහැ. ජනමාධ්‍යවේදියා ඇත්ත ලිව්වට ඇත්ත පළ නොවෙන්න පුළුවන්. මොකද ජනමාධ්‍ය වාරණයක් තිබෙන නිසා. එතකොට ජනමාධ්‍යවේදියා අතෘප්තිමත්, එවිට ආතල් කැඩෙනවා. ඒ නිසා අපි කියනවා මේක ඇත්ත ආතල් නැහැ කියලා.

එකිනෙකාගේ සමාජ සබඳතා බිඳ වැටිලා, එකිනෙකා තනියෙන් ඉඳගෙන ආතල් ගන්න, මහා නරුම, ත්‍රාඩ සමාජයක තමයි අපි ඉන්නේ. පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම අපිව හුරු කරන්නේ ඒකටනේ. රස්සා කරනවා, ඕ.ටී. කරනවා, රෑ දහයට, ‍ෙදාළහට ගෙදර එනවා. නිදාගන්නවා, ආයේ උදේ යනවා. ආයේ එනවා. මවුපියෝ, යාළුවෝ, දරුවෝ, අඹු සැමි සබඳතා දුරස් වෙලා.

මවුපියෝ රස්සාවකට යනවා, දරුවෝ ටියුෂන් යනවා. එතකොට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ.
අපිට ඇත්ත සතුට විඳින්න තියෙන ඉඩ ප්‍රස්තා අහුරපු සමාජයක් බිහිවෙලා. එහෙම බැලුවොත් මේක ඇතුළේ ඇත්ත ආතල් කියලා දෙයක් නැහැ. ඒත් අපෙන් අහිමි කරලා ඉවරයි.
මිනිසුන්ට ඇත්ත ආතල් ගන්න තියෙන අවස්ථා අහිමිකරපු සතුට, ඇත්ත තෘප්තිය, ඇත්ත ජීවිතය අහිමිකරපු සමාජයක් මේක. ඉතින් මේක ඇතුළේ ඇත්ත ආතල් කියලා දේකුත් නැහැ.

02.ආතල් කියන වචනය ඔබට අනුව නිර්වචනය කළොත්.
අරුණි දැන් අපි ආතල් එක කියලා කියන්නේ සතුටටනේ. සතුට කියන එක ගත්තොත් ඒක මිනිස් ගොඩනැංවීමක්. ඒ කියන්නේ ඒක සංස්කෘතිකයිනේ. එතකොට විවිධ සංස්කෘතීන්ට අනුව ආතල් ගැනීම වෙනස් වෙනවා. ආතල් ගැන කතාකරද්දී මම හිතන්නේ ප්‍රශ්න තුනක් තියෙනවා. පළමුවැනි එක තමයි මේ ඇත්ත ආතල් එක කියන්නේ මොකක්ද? අනෙක තමයි අපි ආතල් කියලා ගන්න ඒවා ඇත්තම ආතල්ද? ඒ වගේම අපි ඇත්ත ආතල් එක හොයාගන්නේ කොහොමද? ආතල් ගැන කතා කරනවානම් වැදගත්ම ප්‍රශ්න තුන තමයි ඕක. එතකොට මිනිසා කියන්නේ සමාජ සත්ත්වයෙක්. මිනිසා සතුටුවෙන එකත් අපි හොයන ක්‍රමයනුත් සමාජයීයයිනේ.

03.එතකොට ඔබ කියන ඇත්ත ආතල් එක දිනාගැනීම වෙනුවෙන්ද ඔබ ශිෂ්‍ය ව්‍යාපාරවලින් නිතර අරගල කරන්නේ?
පැහැදිලිවම ඔව්. අපේ එකම අරමුණ පරමාර්ථය, අභිලාෂය තමයි මිනිසුන්ට අහිමි කරපු ජීවිතය දිනා දෙන එක. ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අපිට කරන්න පුළුවන් අරගලය අපි කරනවා. එතකොට එතැනින් එහාට ගියපු මුළුමහත් සමාජයත් එක්කම අපිට කරන්න අරගලයක් තියෙනවා. ඒ අරගලයක් අපි කරනවා. මේ නරුම ත්‍රාඩ සමාජය වෙනුවට මොකක් හෝ ඇත්ත ජීවිතය දිනා ගැනීම තමයි අපේ අරමුණ. එය දිනා ගැනීම වෙනුවෙන් තමයි අපි මේ අරගලය කරන්නේ.

04.එතකොට කවුරුහරි කිව්වොත් මතුපිටින් බලලා මේ ශිෂ්‍ය ව්‍යාපාර තුළින් ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ආතල් කඩනවා කියලා.

අපි හිතනවා, හුඟාක් අය අරුණි ඇත්ත ආතල් නැති ලෝකේ ගන්නේ ව්‍යාජ ආතල්. අපේ ඇත්ත ආතල් එක නැති කරලා පාලකයෝ අපිට ව්‍යාජ ආතල් එක පෙන්වනවා. මෙන්න මේක තමයි අපි දෙන ආතල් එක, මේක උඹලා ගනිල්ලා කියලා. එයාලා ඇත්තටම අපිට ඒ ආතල් එක දෙන්නේ එයාලගේ ඇත්ත ආතල් එක තියාගන්න ඕනෑ නිසයි. මිනිස් ජීවිතයේ ඇත්ත ආතල් එක අහිමි කිරීම තුළින් ඇති කරන පීඩාව, පීඩාවට පත් වෙච්ච මිනිසුන්ව සටන් කිරීමට, අරගල කිරීමකට පොලඹනවා. එතකොට වෙන්නේ පාලකයාගේ ආතල් කැඩීම. අන්න ඒ නිසා පාලකයා කරන්නේ පීඩිතයාට ව්‍යාජ ආතල් ලබාදීම. අපි අරගල කරන්නේ ඒ ව්‍යාජ ආතල් කැඩීමට. අපේ අරගලයෙන් කැඩෙන්නේ පාලකයාගේ ව්‍යාජ ආතල් එක.

ආකිමිඩීස් උඩුකුරු තෙරපුම් නියමය හොයාගෙන ඉවරවෙලා නිරුවතින් දුවනවානේ. ඒක තමයි මේ අධ්‍යාපනය තුළින් ලැබෙන ආතල් එක. දැන් පාසල් ශිෂ්‍යයාට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට ඔය ආතල් එක තියෙනවාද? ඒ වගේ ආතල් එකක් තියෙනවානම් ශිෂ්‍යයෝ සිය දිවි නසා ගනියිද?
අධ්‍යාපනය ඇතුළේ පාසල් ශිෂ්‍යයාට තියෙන ආතල් එක මොකක්ද? අපි අහන්නේ හැම දරුවෙක්ටම පහසුකම් සපිරි පාසලක් ලැබෙනවාද? තමන්ගේ දරුවා හොඳ පාසලකට යැවීම තමයි මවුපියන්ගේ ලොකුම බලාපොරොත්තුව.

ඒ වෙනුවෙන් අද හොර ඔප්පු හදන්න වෙනවා, විදුහල්පතිවරුන්ට පගා දෙන්න වෙනවා, ලිංගික අල්ලස් දෙන්න වෙනවා. පහසුකම් ගාස්තු ගෙවන්න, හොරකම් කරන්න වෙනවා. මේ වගේ තත්ත්වයක තියෙන අධ්‍යාපන ක්‍රමයක මොකක්ද තියෙන ආතල් එක. මේක දරුවකුගේ ජීවිතයේ සියල්ල අහිමි කරපු අධ්‍යාපන ක්‍රමයක්.
උසස් පෙළ සමත් වුණ සමහර ශිෂ්‍යයන්ට කොයි තරම් ආසා වුණත් විද්‍යා විෂයයන් ගණිත විෂයයන් කරන්න බෑ. මොකද වියදම් කරන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. ඒ නිසා ඒ ශිෂ්‍යයා කරන්නේ අකැමැත්තෙන් කලා හෝ වාණිජ විෂයයන් කිරීමයි. ඒ වගේ අධ්‍යාපන ක්‍රමයකින් කොහොමද අරුණි අපි සැබෑ ආතල් ගන්නේ.
සල්ලි තියෙන අතළොස්සකට විතරයි විද්‍යා, ගණිත වගේ විෂයයන් කරන්න පුළුවන් වෙන්නේ. උසස් පෙළින් ඒ තුනක් ගත්තත් අද විශ්වවිද්‍යාලයට යන්න බැරිනම් මොකක්ද තියෙන ආතල් එක.

විශ්වවිද්‍යාලයට ගියත් ප්‍රමාණවත් නේවාසිකාගාර පහසුකම් නැතිනම්, දේශන ශාලා පහසුකම් නැතිනම්, පුස්තකාල, විද්‍යාගාර පහසුකම් නැතිනම් මොකක්ද තියෙන තෘප්තිය?
අධ්‍යාපනය තුළ අද කිසිම ආතල් එකක් නැහැ. ඒ ආතල් එක ලබාදීම වෙනුවෙන් තමයි අපි අරගල කරන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තට්ටු හතරක පහක ගොඩනැඟිල්ලකින් පැනලා සියදිවි හානි කරගන්න පෙලඹෙන අධ්‍යාපන ක්‍රමයක් මේක. ඔබ දන්නවා පසුගිය දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ එහෙම සිදුවීමක් වුණා. තව ශිෂ්‍යයෙක් ලුණාව කළපුවට පැන්නා.
අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට සමහර විට මේක ආතල් වෙන්න පුළුවන්. ඒත් අපිට සැබෑ ආතල් එක දිනා ගන්න කරන්න අරගලයක්, සටනක් තියෙනවා.

05.සංජීවගේ ඒඹ්’ඵ පඥඵභතබඵ මොනවද? විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න හැකිවීම ගැන එදා සතුටු වුණාද?
ඒ දෙකයි, ඕ එකයි. විශ්වවිද්‍යල ප්‍රවේශය ලැබීම මට සතුටක්. ප්‍රශ්නේ තියෙන්නේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අපි විශ්වවිද්‍යාලයෙන් බලාපොරොත්තු වෙච්චි ආතල් එක අපිට ලැබෙනවාද කියලා. ඇත්තටම ගත්තොත් එහි තියෙන්නේ අපි හිතපු ආතල් එක නෙවෙයි. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ ඇත්ත ආතල් එක සොයාගන්න සටන් කරන්න. හැමෝම හිතන් ඉන්නවනේ ඉරණම තමයි අපේ හැමදේම විසඳන්නේ කියලා. ඉරණම විසින් මිනිසාගේ ජීවිතය තීරණය කරන්නේ නැහැ. මිනිසා විසින් තමයි ඉරණම තීරණය කරන්නේ. අපි අපේ ඉරණම තීරණය කරන වගකීම අතට අරගෙන තරග කරනවා.

06.ඔබට අරගල නිසා විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන්න බැරිවෙනවා. ඒ ගැන අපේක්ෂා තියාගෙන ඔබට උගන්වපු මවුපියන්ගේ සතුට, ආතල් එක ඔබ කැඩුවා කියලා හිතෙන්නේ නැද්ද?
මම තීරණය කරනවා ජීවිතයේ එක තැනකදී දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවද, නැතිනම් ඇත්තටම ජීවිතය දිනාගන්නවද කියලා. එතැනදී මම තීරණය කරනවා මේ යන විදියට ගිහින් මොකක් හරි සහතිකයක් අරන් මෙතැනින් එළියට යනවට වඩා සැබෑ ජීවිතය දිනා ගැනීම සඳහා අරගල කරනවා කියලා නිෂ්ඵල උපාධි සහතිකයක් ගන්නවා වෙනුවට ප්‍රයෝජනයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අරගල කරන්න මාවත මම තෝරා ගන්නවා. එයම තමයි මගේ ආතල් එක. මම ආතල් හොයාගන්නේ අරගලයෙන්. ව්‍යාජ ආතල් එකට අඳිනවාට වඩා ඇත්ත ආතල් එක වෙනුවෙන් සටන් කරන එක තමයි මම තෝරාගත් මාවත.

මම උපාධි අපේක්ෂකයෙක් වෙලා උපාධිධාරියකු වීම සම්බන්ධයෙන් මගේ මවුපියන් හිත මිතුරන්ට තිබුණ ව්‍යාජ ආතල් එක කැඩෙනවා තමයි උපාධිය සම්පූර්ණ නොකිරීමෙන්. එයාලා සාර්ථකයි කියලා හිතන අපේක්ෂා කරන ව්‍යාජයක් තිබෙනවානේ. එයයි කැඩෙන්නේ. මම කියන්නේ ව්‍යාජ ආතල් එක කැඩෙන්නට ඕනෑ. එතකොට තමයි සැබෑ ආතල් එක හම්බවෙන්නේ.

මිනිසුන්ට ඒ ව්‍යාජ ආතල් එකෙන්ම ඉන්න දීලා අපිට ඇත්ත ආතල් එක හොයාගන්න බෑ අරුණි. ඒ නිසා අපිට මේ ව්‍යාජයෙන් එළියට එන්න වෙනවා. අපි දකිනවානේ සැබෑ නොවන හීනයක්. එතකොට අපිට ඒ හැබෑ නොවන හීනෙන් අවදි වෙන්න වෙනවා. සැබෑ හීනයක් දකින්න නම්. ඒ නිසා මම තීරණය කළා, මම විතරක් නෙවෙයි තව ශිෂ්‍යයෝ ගණනාවක් තීරණය කළා, ඉතිහාසයේත් ශිෂ්‍යයෝ එහෙම කළා. සැබෑ කරගන්න පුළුවන් හීන දකින්න.
ඒ හීනේ වෙනුවෙන් සටන් කරන එක තමයි මිනිහෙක්ගේ ජීවිතේ උත්තරීතරම දෙය. මගේ මවුපියන්ට, මාව සරසවියට යවන්න බර දරපු මේ රටේ ජනතාවට කරන්න පුළුවන් සාධාරණය තමයි එය.

07.අන්තරේ කැඳවුම්කරු විදියට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අතර ඔබ ඔවුන්ගේ භාෂාවෙන් ‘මාර පොරක්’ එය තුළ ඔබ විඳින්නේ මොන වගේ ආතල් එකක්ද?
මම විඳින ආතල් එක තමයි මගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවා කියන එක. ඕනම මිනිහෙක්ට තමාව ව්‍යාජයෙන් ගැලවෙද්දි සහ හෘද සාක්ෂියට එකඟව වැඩකරනවා කියලා තේරෙද්දී සතුටක් ලැබෙනවා. මනුස්සයා සමාජයීයයිනේ. ඇත්තටම මම ගැන හිතනවාට වඩා මිනිස්සු වෙනුවෙන් වැඩ කරද්දී ඒකෙ පුදුම ආතල් එකක් සහ පුදුම සතුටක් තියෙනවා. එය මම විඳිනවා. අපිට පුළුවන්නම් මිනිස් සමාජයට හරි පාර පෙන්වන්න පුළුවන් කියලා ඒකෙනුත් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔන්න ඔය කියන සතුට විඳිනවා. ඔවුන්ට ඇත්ත සතුට දිනා දෙන්න සටන් කරන්න පුළුවන් වීමේ ඇත්ත ආතල් එක මම ගන්නවා.

08.මේ අරගලය තුළ ඔබට වැඩිපුරම ආකර්ෂණය හිමිවෙන්නේ ගැහැනු ළමයින්ගෙන් නේද? ඔබේ තිබෙන කථිකත්වයට හෝ පෞරුෂයට ඔවුන් ආකර්ෂණය වෙද්දී ඉන් ලැබෙන ආතල් එක මොකක්ද?
මම හිතන්නේ නෑ ගැහැනු ළමයි විතරයි එහි භේදයක් තිබෙනවා කියලා නම්. එහෙම ආකර්ෂණය වීම තුළ මට විශේෂ සතුටක් ආතල් එකක් නැහැ. මගේ පෞරුෂයට හෝ මගේ කථිකත්වයට හෝ වෙනත් හැකියාවකට නම් ඔවුන් ආකර්ෂණය වෙන්නේ ඇත්තටම මගේ ආතල් එක කැඩෙනවා. ඇත්තමට මට එහි ආතල් එක තියෙන්නේ මාව ඇත්තටම තේරුම් ගන්නවා නම් විතරයි. මාව තේරුම් අරගෙන කවුරු හරි මට අත්පුඩි ගහනවා නම් එය මට ආතල්. මම ඇතුළෙන් ව්‍යාජයක් දැකලා අත්පුඩි ගහනවා නම් මගේ ආතල් කැඩෙනවා.

ඔයා කියන විදියට ඒ ගැහැනු ළමයි මාව දකින්නෙත් මේ බාහිර සමාජයේ තියෙන වෙන වටිනාකමක් හැටියට නම්, පෞරුෂයක් විදියට නම් ඇත්තටම ඒක ඇතුළේ මගේ ආතල් එක කැඩෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ඇත්ත ආතල් එක ගන්නනම් මාව තේරුම් ගත්තු අය වෙන්න ඕනෑ.

09.ශිෂ්‍ය ව්‍යාපාර අරගලවලින් ඇයි මේ තරම් රජයේ ආතල් කඩන්නේ?
මේක ඇත්තටම ගත්තොත් මෙහෙමයි. සාතිශය බහුතරයක් සමාජයේ ආතල් එක කඩන්නේ රජයනේ. එතකොට එයාලා මේ කීප දෙනෙක්ගේ ආතල් ගන්න බහුතරයක් ආතල් කඩද්දී අපිට තීරණය කරන්න වෙනවා අපි කාගේ පැත්තද නියෝජනය කරන්නේ කියලා. ඒ නිසා අපි හැමෝගෙම ආතල් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. එතකොට කීපදෙනෙක්ගේ ආතල් කැඩෙන්න පුළුවන්. අපි ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ. මුළු මහත් සමාජයක සතුට දිනා දීම සඳහා අරගල කිරීම ඇතුළේ පාලකයාගේ ආතල් කැඩීම ගැන අපිට කිසිම කනගාටුවක් නැහැ.

10.විශ්වවිද්‍යාල ආචාර්යවරු ගන්න ආතල් ගැන මොකද හිතන්නේ?
ම්ම්ම්…. අපි හිතනවා එයාලා ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ කියලා. ඔවුනුත් ගන්නේ ව්‍යාජ ආතල්. ඒ අතරේ ඇත්ත ආතල් එක හොයන සැබෑ ආචාර්යවරුන් ඉන්නවා. මං හිතන්නේ වැඩි ව්‍යාජ ආතල් හොයන අයයි. ඒ අය සමහර වෙලාවට ශිෂ්‍යයාගේ ආතල් කඩනවා. තවත් සමහර වෙලාවට ශිෂ්‍යයාගෙන් ආතල් ගන්නවා. ඉතින් ඇත්තටම ගත්තොත් අපි හිතනවා මේක වෙනස් වෙන්න ඕනෑ. වෙනස් නොවුණොත් විශ්වවිද්‍යාලයකට කවදාවත් සමාජය අපේක්ෂා කරන කිසිම දෙයක් කරන්න බැරිවෙයි. විශ්වවිද්‍යාලය සහ පාලකයෝ එකතුවෙලා ශිෂ්‍යයන්ව කැලයට දක්කද්දි ආචාර්යවරයන් ඇත්තටම මේ ව්‍යාජ ආතල් එකේ ඉන්නවා නම් මේ කාර්යයට තවත් සහාය දෙනවා මිසක් සැබෑ අරමුණු වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැනේ. ඒ නිසා වත්මන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන කොහොමටවත් සෑහීමකට පත්වෙන්න බැහැ.

11.විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට දෙන නායකත්ව පුහුණුව ගැන මොකද හිතන්නේ?
නායකත්ව පුහුණුවකින් නායකයෝ හදන්න බෑ අරුණි. නායකයෝ හැදෙන්නේ සමාජය ඇතුළේ, සමාජ ක්‍රියාකාරකම් ඇතුළෙයි. සමාජ වගකීම බිඳවැටුණු ලෝකයක, අපි ගත්තොත් ආත්මාර්ථය පරමාදර්ශය වුණු සමාජයක නායකයෝ බිහිවෙන්නේ අඩුවෙන් තමයි. නායකයෝ හදන්න කිසිම සූත්‍රයක් නැහැනේ. මේ හදන්නේ නායකයෝ හදන්න නෙවෙයි. අනුගාමිකයෝ හදන එකයි මෙයින් කරන්නේ. මේකේ බිහිවෙන්නේ නිවටයෝ. අපි සූරාකෑම සහ අසාධාරණ පාලනය පවත්වාගෙන යද්දී විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනයක් පවත්වාගෙන යද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තුළ අවනත භාවයක් හදන්න තමයි මේ හමුදා පුහුණුව දෙන්නේ.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයකින් අපේක්ෂා කරන්නේ විනයක්, විචාරශීලීත්වයක්, නිර්මාණශීලී බවක් සහ මනුෂ්‍ය ගුණධර්මවලින් පිරිපුන් උපාධිධාරියකු බිහිකිරීම. හමුදා පුහුණව තුළින් කරන්නේ ඉන් අනෙක් පැත්ත. නිර්මාණශීලී නොවන, විචාරශීලී නොවන, යටහත් හමුදා පන්නයේ විනයක් සහිත උපාධිධාරියෙක් බිහිකිරීම. මම හිතන්නේ පාලකයාට අවශ්‍ය වන්නේත් එයයි. ඔවුන්ගේ පැවැත්මට එය අවශ්‍යයි. ඒ කියන්නේ කිසිවක් ප්‍රශ්න නොකරන, කිසිවකට අභියෝග නොකරන, ධෛර්ය නැති, යටහත් පහත්, නිවට නියාලු මිනිහෙක් තමයි ආණ්ඩුවට වුවමනා…. මොකද එවිට එයාලට දක්කන්න පහසුයි. ඒ නිසා දක්කන්න පුළුවන් පරපුරක් බිහිකර ගැනීම තමයි මේකේ අරමුණ විදියට අපි දකින්නේ. ඒ නිසා මේක කිසි ලෙසකින්වත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට අවශ්‍ය කරන පුහුණුවක් නෙවෙයි. එය කායිකව, මානසිකව ශිෂ්‍යයාට වඳ වේදනා ලබාදෙන පුහුණුවක්. ජීවිත තුනක් අහිමි වුණා. එය සමහර අයට ආතල්. එයාලට එහි ආතල් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. දැන් පාසල් කාලයේ විනෝදය ශිෂ්‍යයාට අහිමි වෙලානේ තියෙන්නේ. එම ශිෂ්‍යයාට මෙමඟින් සතියක් දෙකක් පොඩි විනෝදයක් ගන්න අවස්ථාවක් මේක ඇතුළේ තියෙනවා. හැබැයි ඒක සමහරු ආතල් කියලා හිතනවා. අපි දන්නවා සමහර ශිෂ්‍යයෝ මේක මාර ආතල්, හරි ෂෝක් කියලා මාධ්‍යවලට ඍධඪජඥ ජභබ පවා දෙනවා. හැබැයි ඇත්ත කතාව තමයි දවස් දෙක තුනක පොඩි චූන් එකක් දීලා මුළු ජීවිතේම ආතල් කඩනවා ඒ අය අපේ.

12.ඊයේ පෙරේදා සිද්ධ වුණ ජ.වි.පෙ. නායකත්ව වෙනස් වීම ගැන මොකද හිතන්නේ?
මම හිතන්නේ නම් ඔළුගෙඩි මාරු කරලා වෙනස්කම් කරන්න බැහැ. ඇත්තටම ගත්තොත් ප්‍රතිපත්ති තමයි වෙනස් වෙන්න ඕනෑ. ප්‍රතිපත්ති වෙනස් වුණොත් විතරයි සැබෑ ආතල් දෙන්න පුළුවන් වෙන්නේ. ඔළු ගෙඩි මාරු කිරීම ඇතුළේ නෙවෙයි ඇත්ත ආතල් එක තියෙන්නේ. වෙනසක් බලාපොරොත්තු වෙන්න නම් අවශ්‍ය ප්‍රතිපත්ති මාරු කරන්න සූදානම් ද නැද්ද කියන එකයි. ඉතින් ඒක මත ප්‍රතිපත්තිමය වෙනසක් තමා අවශ්‍ය. ඒක එය මත තීරණය වෙයි කියලයි මම හිතන්නේ.
13.එස්.බී. දිසානායක ඇමැතිවරයා සම්බන්ධයෙන් තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? මොකද වැඩිපුරම ශිෂ්‍ය අරගල හා ගැටෙන්නේ ඔහුයි.

උසස් අධ්‍යාපන ඇමැති මේ රටේ සුළුතරයකට තමයි ආතල් දෙන්නේ. ශිෂ්‍යයන්ට ආතල් දෙන්න හදනවා කියලා පෙන්නනවා. නමුත් ඇත්තටම ගත්තොත් එයා උත්සාහ කරන්නේ පොදු සමාජයේම ආතල් කඩන්න. එයා හදන්නේ එයාට ඇත්තටම ඕනෑ උසස් අධ්‍යාපනය විකුණලා වෙළෙඳ භාණ්ඩයක් කරලා මේ හැමෝටම උසස් අධ්‍යාපනය ලබන්න තියෙන අයිතිය මුදල් ගෙවිය හැකි අතළොස්සකගේ අයිතියක් බවට පත්කරන්න. එයාලට ඕනෑ ධනපතීන්ට ආතල් දෙන්න. එස්.බී. දිසානායක කරන්නේ අධ්‍යාපනය විකුණ�

mawbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...