11 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ තමාට ඇති එකම සුදු කලිසම හිරට ඇදගෙන පාසලට පැමිණීම නිසා ගුරුවරියක විසින් අනෙකුත් දරු දැරියන් ඉදිරියේ එය පහළ සිට ඉහළට කතුරකින් කපා දැමූ පුවතක් වැලිගම දෙනිපිටිය මහා විද්‍යාලයෙන් අප වෙත වාර්තා වෙනවා
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජනිත් ඉමල්ක නම් එම සිසුවා පසුගිය සිකුරාදා උදෑසන ශරීර සුවතා වැඩසටහන පැවැත් වීමට සහභාගී වූ අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණදි ඇති බවයි
අදාළ සිසුවාගේ මව නොමැති අතර ඔහු ජීවත් වන්නේ පියා කුලී වැඩකර උපයාගන්නා මුදලිනිග ක්‍රීඩා භාර ගුරුවරිය විසින් සුදු කලිසම කපා දැමීමෙන් පසු එම සිසුවා යතුරු කටු ගසාගෙන කලිසම අතින්
අල්ලාගෙන හඩමින් නිවසට ගොස් අක්කාට සිද්ධිය පවසා ඇති අතර පසුව අක්කා ඔහුට පාට කලිසමක් අන්දවාගෙන සිසුවා සමග පාසලට පැමිණ කපන ලද කලිසම පෙන්වා විමසා තිබෙනවා
පසුව විදුහල්පති විසින් එම කලිසම ඔහු භාරයට ගෙන එය කබඩ් එකක දමා ඇති බවටද පැවසෙනවාග පසුව ගම්වාසීන් පිරිසක් එක්ව කපන ලද කලිසම ඉල්ලා කෑගසන්නට වු අතර වැලිගම මූලස්ථාන පොලිසියද එම ස්ථානයට පැමිණ තිබෙනවා
එම ගුරුවරියට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද වැලිගම මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.