මසාජ් සෙන්ටර්ස් වල පාසැල් සිසුවියන් !

සම්බාහන මධ්‍යස්‌ථාන (මසාජ් සෙන්ටර්ස්‌) මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ගණිකා සේවා මධ්‍යස්‌ථානවල සේවය කරන කාන්තා ලිංගික ශ්‍රමිකයන් හරහා සමාජය තුළ එච්. අයි. වී./ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග පැතිරයැමේ දැඩි අවදානමක්‌ පවතින බව සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටිති.

මෙම මධ්‍යස්‌ථානවල සම්බාහන කටයුතුවල නිරත වන ලිංගික ශ්‍රමිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් බව අනාවරණය වී ඇති අතර ඔවුනට පවතින ආර්ථික දුෂ්කරතා මත මෙම මධ්‍යස්‌ථානවල ගණිකා සේවයේ යෙදෙන බව ඔවුනගේ දෙමව්පියන් හෝ හිතවතුන් පවා නොදන්නා බව අනාවරණය වී තිබේ.

මෙම පිරිස එච්. අයි. වී./ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග පැතිරීම පිළිබඳ නිසි අවබෝධයකින් පසු නොවීම හේතුවෙන් ඔවුන් එම රෝග නිහඬව පතුරුවන කණ්‌ඩායමක්‌ බවට පත්ව සිටින බව වෛද්‍යවරු කියා සිටිති.

දැනට දිවයින පුරා ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තා ලිංගික ශ්‍රමිකයන් 40,000 කට අධික සංඛ්‍යාවෙන් බහුතරයද එච්. අයි. වී./ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග පිළිබඳ නිසි පරිදි දැනුවත් වී නොමැති බව සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...