19.2 C
London
Monday, May 19, 2025
spot_img

මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ චේතනාවෙන් – සෙරෙප්පු එල්ලූ ගුරුවරිය කියයි

මම මේ වරද කළේ දරුවා හදාගැනීමේ චේතනාවෙන් තනාවෙන් මිසක්‌ කිසිම අහිතකින් නොවේ යෑයි කන්තලේ අධ්‍යාපන කලාපයේ කාවන්තිස්‌ස විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනීම ලබන දැරියකගේ ගෙලේ ඇයගේ සෙරෙප්පු දෙක එල්ලී මේ සිද්ධිය පිළිබඳව මහත් ආන්දොලනයකට තුඩු දුන් එම විදුහලේ එම්. නදීකා ප්‍රියදර්ශනි ගුරු මහත්මිය ඊයේ ප්‍රකාශයක්‌ කළාය.

ඇය මෙසේද කීවාය. මෙම සිද්ධියෙන් මම හොඳ පාඩමක්‌ ඉගෙන ගත්තා. මින් මතු දරුවන් මොන වරදක්‌ කළත් මම කාටවත් දඬුවම් දෙන්නේ නැහැ.

මෙම සිද්ධිය මාධ්‍යවලින් ඉතා විශාල ලෙස ප්‍රසිද්ධියට පත් කළා. ඒ නිසා එම දරුවාගේ පවුලට යහපතක්‌ වෙනවා නම් ඒක ලොකු දෙයක්‌. මේ දරුවාට අපහාස කිරීමේ චේතනාවක්‌ මගේ තිබුණේ නැහැ.

දරුවා සමාජයේ උසස්‌ තත්ත්වයකට කවදා හෝ පත්වෙනවා නම් ඒක ලොකු දෙයක්‌. ඇයට අපහාස කිරීමේ චේතනාවක්‌ මා ළඟ නැහැ. මම දරුවෝ කාටත් එක හා සමානව සලකනවා. ඔය දරුවා සමහර දිනවල

මගේ යතුරුපැදියෙන් පවා ගෙදරට රැගෙන යනවා.

මෙම විදුහලේ විදුහල්පතිනි චන්ද්‍ර මුණසිංහ මහත්මිය මෙසේ කීවාය.

මම කියන්නේ නැහැ ටීචර් හරි කියලා. ඇත්ත වශයෙන්ම ඇය මේ දේ කළේ දරුවා හදාගැනීමටයි. හැබැයි මේ ටීචර් නිසා එම පවුලේ අයට දැන් සෙතක්‌ උදාවෙලා තියෙනවා. කොයි කවුරුත් මේ දරු පවුලට දැන් උදව් කරනවා. මේ වගේ අසරණ පවුල් අද මේ පළාතේ ඕනෑ තරම් ඉන්නවා. අපේ පාසලේ ගුරුවරුන් මෙම සිද්ධිය නිසා බොහෝ කලකිරීමට පත් වී සිටිනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles