12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

සුදතුම් පියාගේ ලංකාගමනයට වසා තැබූ පාසල් යළි හෙට විවෘත වේ.

-සා‍/පෙළ ඇගැයීම් සිදුකරන පාසල් 26 දා ආරම්භ කෙරේ
අති උතුම් දෙසිය හැටහයවෙනි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිති කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක් පසුගිය 12 වනදා සිට වසා තබන ලදී. එම පාසල් හැට (60) හෙට (16) වනදා නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2014 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ මුල් අදියරේ ඇඟයීම් කටයතු සඳහා යොදවා ගැනීමට නියමිතව තිබුණු එහෙත් අයහපත් කාලගුණය නිසා විවෘත කිරීම කල් දමන ලද පාසල් පාසල් 15 ක අධ්‍යයන කටයතු ආරම්භ කෙරෙන්නේ ජනවාරි (ලබන 26) වනදා බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ අනුව පොළොන්නරුව තෝපා වැව මහා විද්‍යාලය, බණ්ඩාරවෙල උසස් බාලිකා විද්‍යාලය, බදුල්ල උසස් බාලිකා විද්‍යාලය, ධර්මදූත මහා විද්‍යාලය, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය, කල්මුණේ වෙස්ලි මහා විද්‍යාලය, මහමුද් බාලිකා විද්‍යාලය, මඩකලපුව ශාන්ත මයිකල් මහා විදුහල, වින්සන්ට් බාලිකා විද්‍යාලය, අක්කරෙයිපත්තුව අප්සිරාජ් මහා විද්‍යාලය, පුත්තලම සහිරා විද්‍යාලය, නුවරඑළිය උසස් බාලිකා විද්‍යාලය, අනුරාධපුර ස්වර්ණපාලි විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය, නැවත විවෘත වන්නේ ලබන 26 වෙනි දිනයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles