එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වැනි සැසිවාරය ඇමතීමෙන් පසු ශ‍්‍රී ලංනා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ට්විටර් ඔස්සේ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අද පස්වරුවේ මහා මණ්ඩලය හමුවේ සිය දේශනය කරන ජනාධිපතිවරයා හෙට ශ‍්‍රී ලංකා වේලාවන් සවස 06.30 ටට්විටර් පශස්සේ පිළිතුරු ලබාදීම සිදු කරයි.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙහෙයවන වැඩසටහනේ දී ප‍්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ ට්විටර් ගිණුම (@PresRajapaksa ) ඔස්සේ සිදු කෙරේ.
ප‍්‍රශ්න ඇසීමේදී (#AskMR ) ලෙස භාවිතා කරන්නැයි ද ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලා සිටියි.