සේරුවිල ධාතු වදින්න පැමිණ කරාබුව පූජා කරයි

වසර 2300 කට පසු ලාහුගල මහ වනයේ වැඩ සිටි නිලගීරි මහා සෑ රජුන්ගේ පුරා විද්‍යා කැණීම්වලින් පසු හමුවූ අසිරිමත් සර්වඥ ධාතුන් වහන්සේලා හා මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය 5වැනිදා පෙරවරුවේ සිට ඓතිහාසික සේරුවාවිල මංගල රාජමහා විහාරස්‌ථානයේදී මහත් උත්සවශ්‍රීයෙන් ආරම්භ විය.

එදින අලුයම 5 ට පමණ විහාරස්‌ථානය කරා වැඩම කරවන ලද ධාතූන් වහන්සේලා විශේෂ මණ්‌ඩපයක ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ නි. ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතා අතින් තැන්පත් කිරීමෙන් අනතුරුව ධාතූ ප්‍රදර්ශනය ආරම්භ විය.

ලංකාවේ මෙතෙක්‌ හමුවු විශාලතම ධාතුන් වහන්සේලා මෙන්ම තවමත් විවෘත නොකරන ලද කරඬුව ප්‍රදර්ශනය එක්‌වන අතර බිනර පෝය යෙදී ඇති (අද) 8 දා දක්‌වා ප්‍රදර්ශනය පැවැත්වේ.

ධාතූන් වැඳ පුදා ගැනීමට පැමිණි බෞද්ධ සුපින්වත් සැදැහැවත් මෑණියන් කෙනෙකු තම කන පැළැඳි කරාබු යුවළ ධාතූන් වහන්සේ උදෙසා බැතියෙන් පුද කිරීමට සූදානම් වූ අයුරු හා පැමිණ අති විශාල පිරිස ධාතූන් වැද පුදා ගැනීමට සැරසී සිටි අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...