FILES - Picture taken 25 January 2006 shows a police officer of Germany's State Office of Criminal Investigation (LKA) viewing files on a computer in connection with child pornography investigations in the northern German city of Hanover. The Police in Berlin informed 25 December 2007 they were continuing their investigations in the largest case of child pornography to date with more than 12,000 suspects. AFP PHOTO DDP/JOCHEN LUEBKE GERMANY OUT (Photo credit should read JOCHEN LUEBKE/AFP/Getty Images)

ටෙලියක් දාන්න ලිංගික අල්ලස් ඉල්ලු බවට පැමිණිලි

පසුගිය කාලයේ නිපදවූ ටෙලි නාට්‍ය රූපවාහිනියේ විකාශය කිරීම සඳහා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් කප්පම් සහ නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස්‌ ලබාගත් සංවිධානාත්මක කල්ලිය කට එරෙහිව පැමිණිලි හතරක්‌ දැනටමත් පොලිස්‌ විමර්ශන කණ්‌ඩායම්වලට ලැබී ඇතැයි පශු සම්පත් ඇමැති ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා ඊයේ (9 දා) ට ප්‍රකාශ කළේය.

තමන්ට ලැබෙන තොරතුරු අනුව මෙම කප්පම් කල්ලියට මුහුණදුන් තවත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකවරු මෙන්ම නිළියන් කීපදෙනකුම ඉදිරි දින කීපය තුළ දිවුරුම් පෙත්සමක්‌ භාරදීමට ක්‍රියාකරගෙන යන බව ද හෙතෙම කීවේය.

ඇතැම් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් කප්පම් මුදල් දීමට ඉදිරිපත් වූ නිසා කප්පම් නොදුන් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් හා නිෂ්පාදකවරුන් අසරණ වී ඇතැයි ද රන්ජන් රාමනායක මහතා කීවේය.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ මෙම කප්පම් කල්ලියට කොටු වූ සියලුම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන්ට මෙන්ම නිෂ්පාදකවරුන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශයට ද පැමිණිලි කළ හැකි බවයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...