Sexuality In Older Age

වන ආර්තවහරණ සමයේදී ඔසප් චක්‍රය අක්‍රමවත් වීමද දකින්නට ලැබෙන තත්ත්වයක්. මේ නිසා බොහෝ කාන්තාවන් මහත් අපහසුතාවකට පත් වෙනවා. එමෙන්ම මේ සමයේදී ලිංගික එක්වීමද ඉතාම පරිස්සමින් සිදුකළ යුත්තක්. ඊට හේතුව මේ සමයේදී කාන්තාවන් ගැබ් ගැනීමටද ඉඩකඩ තිබෙන නිසයි.

ආර්තවහරණ සමයේ ඇතිවන අක්‍රමවත් ආර්තවයත් ආර්තවහරණය සමඟ ඇතිවන දිගුකාලීන සංකූලතා පිළිබඳවත් ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ආර්තවහරණ සමයේදී ආර්තවය පමා වූ විට සහ අක්‍රමවත් වූ විට කාන්තාවන්ට ඇතිවන මානසික රෝගී තත්ත්වයන් වැඩිවන බවක් පෙනෙනවා. මේ මානසික රෝගී තත්ත්වය ගැන අපි පසුගිය සතියේ කථාකළා ඔබට මතක ඇති.

සමහර කාන්තාවන්ගේ මේ සමයේදී ආර්තව චක්‍රය කෙටිවීමට ඉඩ තිබෙනවා. එමෙන්ම සමහර කාන්තාවන්ගේ ආර්තවය මාස දෙක තුනක් පමාවීමට ද හැකියි. සමහර අවස්ථාවලදී රුධිර වහනය වන ප්‍රමාණය අඩු හෝ වැඩි වීමද දැකිය හැකිය. එමෙන්ම ආර්තවය සිදුවන දින ගණනේ අඩුවීමක් හෝ වැඩි වීමක් සිදුවිය හැකියි.

මෙහිදී මතක තබාගත යුතු විශේෂිතම කරුණක් වන්නේ ආර්තවහරණ සමයේදී කාන්තාවන් ගැබ් ගැනිමට ද ඉඩකඩ ඇති බවයි. මේ නිසා ස්ථීරවම ආර්තවහරණය සිදු වූ බව හඳුනාගන්නා තෙක් කාන්තාවන් සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් සැක සහිත අවස්ථා ඇති වූ විට HCG මුත්‍රා පරීක්ෂාව කඩිනමින් සිදු කරවා ගැනීමද කළ යුතුයි.

වයස අවුරුදු 45 ඉක්මවීමත් සමඟ බොහෝ කාන්තාවන්ට ඇතිවන ඔසප් වීම නතර වීම වසරක කාලයක් පුරාම අඛණ්ඩව පැවතියේ නම් ස්ථීරවම ආර්තවහරණය සිදු වු බවට තීරණය කළ හැකියි. කෙසේ වුවත් වසරක් පුරාවටම ඔසප් නතර වීම සිදු නොවී එම වසර තුළ වරින්වර ඔසප් වීම් සිදුවූයේ නම් එය ස්ථිර ආර්තවහරණයක් ලෙස නොසැලකිය යුතුයි.

ආර්තවහරණ සමයේදී මාස් සුද්ධියේ ඇතිවන වෙනස්කම් සඳහා වෙනත් හේතූන් ද බලපෑ හැකියි. ගර්භාෂ ගෙළේ පිළිකා, මස්දළු (Polyp) සහ වෙනත් රෝගී තත්ත්වයන් වන ගර්භාෂයේ පිළිකා සහ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වැනි තත්ත්වයන්ද පෙන්වා දිය හැකිය.

මේ නිසා ආර්තවහරණ, සමයේ ඇතිවන ඔසප්වීමේ වෙනස්කම්වලදී වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුය. එහිදී වෛද්‍යවරයා අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කිරීම නිසා බොහෝ සංකූලතා සහ දරුණු රෝගාබාධ කලින් හඳුනා ගැනීමේ හැකියාවද පවතිනවා.

ආර්තවහරණයෙන් (වසරක් ගත වූ පසු) පසුව කාන්තාවකට දරුවන් ලැබීමේ හැකියාව නැති වුවද එය ලිංගික ජීවිතයේ අවසානය නොවන බවද මතක තබා ගත යුතුය. විවිධ සංකූලතා පැන නැඟුනද මේ සමයේදී ලිංගික එක්වීම ද කළ හැකිය. විශේෂයෙන් දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳ බියකින් තොරව ලිංගික සබඳතා පැවැත්විමේ අවස්ථාව උදාවන නිසා ලිංගික ජිවිතයේ වැඩි සතුටක් ලැබීමේ කාලය ලෙසද මෙය හැඳින්වීමට පුළුවන.

ආර්තවහරණයේදී ඇතිවන ගැටලු සඳහා හෝමෝන ප්‍රතිකාර ද පවතිනවා. මෙහිදී හෝමෝන ප්‍රතිස්ථාපන HRT ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කෙරෙනවා. ආර්තවහරණයෙන් පසු ඇතිවන දීර්ඝකාලීන සංකූලතා අතර ඔස්ටියෝ පොරෝසියාව සහ හෘදයාබාධ පිළිබඳව මේ කාලයේ වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙනවා.

 

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...