Wednesday , 22 January 2025

ලොව කාමුකම වැසියන් සිටින රට බවට බ්‍රසීලය පත්වෙලා

ඇතැම් රටවලට ඒ ඒ රටවලට උරුම වූ ස්වභාවික සුන්දරත්වයක් පවතී. තවත් රටවලට උරුම වී තිබෙන්නේ ඒ ඒ රටවලටම අනන්‍ය වූ ඓතිහාසික පසුබිමකි. මේ අතර, අද වනවිට තවත් රටවලට ලොව කාමුකම වැසියන් ජීවත් වන රට බවට පත්වීමේ අවස්ථාවද උදාවී තිබේ.

විවිධ රටවල කාන්තාවන් හා පිරිමින්ගේ හැඟීම් හා අදහස් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
ඒ අනුව, පිරිමින්ගේ හැඟීම් හා අදහස්වලට අනුව ලොව කාමුකම වැසියන් (කාන්තාවන්) සිටින රට බවට බ්‍රසීලය පත්ව ඇති අතර, එය කාන්තාවන්ගේ හැඟීම් හා අදහස් සමග සලකා බැලීමේදී ලොව කාමුකම වැසියන් (පිරිමින්) සිටින රට බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.
පිරිමින්ට අනුව බැලීමේදී, බ්‍රසීලයට පසුව පිළිවෙළින්, රුසියාව, කොලොම්බියාව, මහා බ්‍රිතාන්‍ය, පිලිපීනය, ස්පාඤ්ඤය, ඔස්ට්‍රේලියාව, බල්ගේරියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව යන රටවල් ලොව කාමුකම කාන්තාවන් සිටින රටවල් බවට පත්ව තිබේ.
එය කාන්තාවට අනුව බැලීමේදී, ඔස්ට්‍රේලියාවට පසුව පිළිවෙළින් ඉතාලිය, එංගලන්තය, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය, ඇමෙරිකාව, අයර්ලන්තය, බ්‍රසීලය, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල් ලොව කාමුකම පිරිමින් සිටින රටවල් බවට පත්ව තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...