සම්බාහන ආයතනයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරියක හා තවත් තරුණියක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (15දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජීව විමලසේන මහතා නියෝග කෙළේය.
දෙහිවල හිල් වීදියේ පවත්වාගෙන යනු ලැබූ සම්බාහන ආයතනයක් වටලා මෙම වෛද්‍යවරිය සහ තරුණිය අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මහතා මෙම ප්‍රධාන සැකකාරිය වන තැනැත්තිය වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක් වන අතර මෙම සම්බාහන ආයතනයේ කිසිදු නීති විරෝධී ක්‍රියාවලියක් සිදු නොවන බවද පවසා සිටියේය.
උපුටාගැනීම – මව්බිම පුවත්පත