16.3 C
London
Thursday, June 19, 2025
spot_img

ෂාරුක් ඛාන් බුදුදහමෙන් සිත සන්සුන් කරගෙන.

බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බුද්ධාගම වැලඳ ගැනීමට යන්නේ යැයි කියන ආරංචියක් මේ දිනවල ඉන්දියාවේ බරපතළ ලෙස කතාබහට ලක්වී තිබේ. ඊට හේතු වී ඇත්තේ බෞද්ධ පොත් පත් කියවීමට තමන් දැඩි ලෙස නැඹුරු වී ඇතිබව ෂාරුක් ඛාන් ප‍්‍රකාශ කර තිබීමයි.

බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් සඳහන් කරන්නේ ගෞතම බුදුන්ගේ ජීවිත කතාව කියවීම නිසා තමන් දැන් ඉතා නිහඬ සහ තැන්පත් පුද්ගලයකු බවට පත්වී සිටින බවයි.
පසුගිය අයිපීඑල් ක‍්‍රිකට් තරගාවලියේදී ඉතා ආවේගශීලී ලෙස හැසිරුණු ෂාරුක් ඛාන් මෙවර අයිපීඑල් තරගාවලියේදී එලෙස හැසිරුණේ නැත. තමන්ගේ මෙම වෙනසට හේතුව තමන් බුදු දහමට නැඹුරු වීම සහ බෞද්ධ පොත්පත් කියවීම බව ෂාරුක් ඛාන් ප‍්‍රකාශ කර තිබේ.

මට බුදු දහම ගැන ලියැවුණු පොත් රැුසක් කියවන්න ලැබුණා.
මම මේ දවස්වල ඒවා කියවනවා. මේ පොත් කියැවීමෙන් මම නිවුණු පුද්ගලයකු බවට පත් වෙලා ඉන්නවා.
මගේ ජීවිතේ විශාල වෙනසක් ඇති වන බව මට පෙනෙන්න තිබෙනවා.

ෂාරුක් ඛාන් තම ජීවිතය තුළ ඇතිවූ නව වෙනස ගැන අදහස් දක්වමින් එලෙස පවසා ඇත.

sharuk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles