11.3 C
London
Friday, May 16, 2025
spot_img

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසුබ කාලයක්! (VIDEO)

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් මෙල්බර්න් නුවර පැවති පුහුණු සැසියක් අතරතුරදී පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරට ලක්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජේම්ස් පැටින්සන් විසින් යොමු කරන ලද බවුන්සර් පන්දුවක් හිසේ වැදීමෙන් මෙම අනතුර සිදු වූ බව ය.

හිස් ආවරණය පැළඳ සිටි වොට්සන් උපක්‍රමශීලීව එම අවස්ථාවේ ක්‍රියා කළ බැවින් ඔහුට අනතුරින් එතරම් බරපතළ හානියක් සිදුව නොමැත.

පන්දුව හිසේ වැදීමත් සමග මිනිත්තු කිහිපයක් ඔහු පොළොවේ වැතිර සිට ඇති අතර පසුව ක්‍රීඩාගාරයට ගොස් තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ෂේන් වොට්සන්ගේ තත්ත්වය බරපතළ නොවනු ඇතැයි, විශ්වාස කරන බව ය.

මේ අතර අදාළ පුහුණු සැසිය අතරතුර මිෂෙල් ස්ටාර්ක් ද පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක් වූ බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles