යකැදුරා සහ ගෝලයාගේ අමුතු ගුරුකම

අංශ භාගයෙන් ඔත්පලවී සිටින කාන්තාවකට ශාන්ති කර්මයක්‌ කිරීමට පැමිණි පිය පුතු දෙපළක්‌ උපක්‍රමශීලීව දෙහිගෙඩි, අත්තන ඇට හා අහු ගෙඩි ගෙන ඒමට නිවසින් පිටත්කර නිවසේ සිටි 21 හැවිරිදි දෙදරු මවක්‌ වරින්වර දූෂණය කළ බව කියන යකදුරකු ඔහුගේ ආවතේවකරුවකු බේරුවල පොලිසිය විසින් පෙරේදා සවස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 වැනිදින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙහි සැකකරුවන් වූයේ මග්ගොන මාගල්කන්ද පදිංචි නෙල්ල හැන්නදිගේ වසන්ත පුෂ්පකුමාර හෙවත් සුනිමල් හා ගංවාරි සම්පත් යන දෙදෙනාය.

ප්‍ර්‍රධාන සැකකරු වූ කපුවා මෙයට මාස කීපයකට පෙර බලපිsටියේදී කාන්තාවකගේ රන්මාලයක්‌ කොල්ලකා පලායමින් සිටියදී අනතුරකට ලක්‌වී කකුලක ආබාධයකින් පෙළෙන බවද පොලිසිය පවසයි. බේරුවල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක දුමින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි සැරයන් 55207 ජයන්ත මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...