Thursday , 22 February 2024

“හාමිනේට ඊළඟට මොකද වෙන්නේ?”

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මින් ඉදිරියට අධිකරණයෙන් කරන ඉල්ලීම මත ඇයට අදාළ නඩුවේ ක්‍රියාමාර්ග තීරණය වනු ඇතැයි නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසා ඇති බවට වාර්තාවේ.

වීරවංශ මහත්මිය ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ව්‍යාජ ගුවන් බලපත්‍රයක් භාවිත කර ඇති බව තහවුරු වි ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. වරද පිළිගන්නා විත්තිකරුවෙකුට අධිකරණ ක්‍රියාමාර්ග කවරේදැයි නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා විස්තර කර ඇති බවට වාර්තාවේ.

අධිකරණයකට පලවෙනිවතාවට් B වාර්තාවකින් පුද්ගලයින් ඉදිරිපත් කරලා ඉන්පසු පරීක්ෂණ කටයුතු අවසානයේදී අපරාධ නඩු විභාග සංග්‍රහයේ 136 වගන්තිය ප්‍රකාරව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. විත්තිකරු සිතනවානම් මේ චෝදනාව සම්බන්ධයෙන් මම තර්ක කරන්නේ නැහැ මේකේ වරද පිලිගන්නවා කියලා. විත්තිකරුවෙකුට පුළුවන් වරද භාරගෙන අධිකරණය ඉදිරියේ ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස හෝ සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට.

කෙසේ වෙතත් තමන් නිවැරදිකරු යැයි සැකකරු හෝ සැකකාරිය පවසන්නේ නම් ගන්නා අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳවද නීතිඥ යූ.ආර්. සිල්වා මහතා අදහස් පළ කර ඇත.

එම සැකකරු හෝ සැකකාරිය තීරණය කරනවා නම් මම නිර්දෝෂයි කියලා එතොකොට නිවැරදිකරු කියලා විභාගයට යන්න සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී දැමීමට සිදුවෙනවා සාධාරණ සැකයෙන් තොරව ඔය කියන සාක්ෂි මගින් නඩුව ඔප්පු කරන්න.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...