විමල්ගේ බිරිඳ නිසා දොස්තරට ලෙඩක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට පසුගිය කාලයේ රිමාන්ඩ් භාරයට පත්වීම වැලැක්වීම සඳහා ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ලබාදුන් වෛද්‍ය ආනන්ද සමරසේකරට විරුද්ධව රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමෙන් වැලැකීම සඳහා රෝහල් ගතවී ඇත්තේ කලක් කොළඹ මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ආනන්ද සමරසේකරගේ උපදෙස් පරිදි යැයි අනාවරණය වී ඇත. එසේ උපදෙස් දුන් ආනන්ද සමරසේකර ශෂී වීරවංශට නැති ලෙඩ මවා පාමින් හොර වෛද්‍ය සහතිකයක් ද නිකුත් කොට ඇත.

මේ යටතේ අධිකරණය නොමග යැවීම හා යුක්තියට බාධා කිරීම යන කරුණු යටතේ වෛද්‍ය ආනන්ද සමරසේකරට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...