13.1 C
London
Friday, November 14, 2025
spot_img

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ පදවියෙන් ඉවත්වෙයි.

-විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටුවීමෙන් පසුව විශේෂ වරප්‍රසාදයක් ලෙස රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ බවට පත්ව වසර 9ක් සේවය කළ ඌව විපක්ෂ නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳුදා(16) එම පදවියෙන් ඉවත්වීමට නියමිතව ඇත.
හිටපු ජනපති විසින් අත්හිටවූ එම බලතල නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කැරිණි.මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග තමා ඉවත් කැරුණු බවත් එහෙත් දිගටම සේවය කරන ලෙස බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා පැවසූ බවත් කතරගම කටුපේදී පැවැති සමුගැනීමේ උත්සවයේදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීවේය. තම ඉල්ලීම අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් දෙසතියක් පුරා දේවාලයේ චංචල, නිශ්චල දේපළද මුදල් පිළිබඳවද පරීක්ෂණයක් කළ බවත් සත පහක වංචාවක් සිදුනොවූ බව ඔවුන් පැවසූ බවත් රාජපක්ෂ මහතා කියයි.
රාජපක්ෂ මහතා දේවාලයේ සියලු දෙනාගෙන් සමුගත් අවස්ථාව හැඟීම්බර විය. දේවාලයේ කපු මණ්ඩලය, රාජකාරි මණ්ඩලය, ආලත්ති අම්මාවරුන්, බැති පෙළ, ආරක්ෂක අංශය, පෙරහර මණ්ඩලය, මහ බෙත්මේ හා කුඩා බෙත්මේ රාජකාරිකරුවන්ගෙන්ද, කතරගම පොලිසියෙන්ද, මාධ්‍යවේදීන්ගෙන්ද සමුගත් ඔහු පැමිණි සැමටම පිත්තල පහනක් තිළිණ කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles