11.3 C
London
Friday, May 16, 2025
spot_img

ශිරාණි තීන්දුවක් ගනී.. රට හැර යන්න හෝ මහ ඇමති සටනට

දුෂණ චෝදනා මත දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙරපන ලද හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට බස්නාහිර පළාත් මහ ඇමති ධුරයට සඳහා තරඟ කරන්නැයි විපක්‍ෂයෙන් ලැබී ඇති ආරාධනාව සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට ඇය තීරණය කර තිබේ.

දේශපාලනයට පිවිසීමේ තීරණයට ඇයගේ සැමියා වන හිටපු ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපති ප‍්‍රදීප් කාරියවසම් ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම හිතවතුන්ගේ දැඩි විරෝධය නිසා තීරණයක් ගැනීම කල් යමින් තිබිණ.

මේ හේතුව මත ඇය රජයට යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන් ඉදිරිපත් කරන කොන්දේසි තුනක් සපුරන්නේ නම් දේශපාලයට නොපිවිස විදේශගත වීමට සූදානම් බවයි. මෙම කොන්දේසියලට රජයේ පාර්වයෙන් ධනාත්මක ප‍්‍රතිචාර නොලැබෙන්නේ නම් දේශපාලනය පිවිසීමට තීරණය කර ඇතැයිද ඇයට සමීප පවුලේ ආරංචි මාර්ග කියයි.

මේ අතර ඇයගේ සැමියා වන ජාති ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප‍්‍රදීප් කාරියවසම්ට එරෙහි දුෂණ නඩුවක තීන්දුවක් ඉදිරි දින කිහිපය ඇතුලත ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

lankacnews

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles