තමන්ට එරෙහිව ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලීමක් කර තිබෙනවා. එය සලකා බලා තීරණයක් ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) අල්ලස් කොමිසමට කල් ලබාදී තිබෙනවා. වත්කම් හා බැරකම් නිසි පරිදි ඉදිරිපත් නොකිරිම ඇයට එරෙහිව ඇති චෝදනාවයි. විත්තිකාරියට එරෙහිව ඇති චෝදනා පදනම් විරහිත බැවින් ඇය මුදාහරින මෙන් අල්ලස් කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි නඩුව කැඳවූ අවස්ථාවේදි ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ නීතිඥයින් සදහන් කළේ. එභෙත් එවැනි ඉල්ලිමක් තමන් වෙත ලැබී නොමැති බව අල්ලස් කොමිසමේ නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව නඩුව ජූලි මස 21 වනදාට කල් තැබුණා. එදිනට මෙම ඉල්ලිම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසයි ප්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අල්ලස් කොමිසමට නියම කළේ.

