ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම සතු මුදල් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය අරමුදලට හා කාල්ටන් ආයතනයට ලබා දීම සම්බන්ධයෙන් අද තමාගෙන ප්‍රශ්න කළ බව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මාධ්‍යහමුවේ පවසා තිබේ.
කෙසේනමුත් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අදාළ සමාගමේ ගිණුම සතු මුදල් වෙනත් ගිණුමකට මාරු කිරීම ගැන එකී සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළ බවය.
පස්වරු 1.30ට පමණ හෙතෙම මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි බවත් පැය දෙක හමාරක් පමණ කාලයක් එහිදී ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් එම ඒකකය සඳහන් කරයි.