හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ලබන මස 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇතැයි වාර්තාවේ.
ඒ සඳහා වු දැනුම්දීම තංගල්ල පොලිසියේ නිලධාරීන් පැමිණ ඊයේ (26) භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
යහපාලන ආණ්ඩුව දේශපාලන පලිගැනීමක් සිදුකරන බවද සිය මැණියන් වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවීම එහි තවත් අවස්ථාවක් බවද නාමල් රාජපක්‍ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.
ඕනෑම පලිගැනීමකට මුහුණ දීමට තමන් සුදානම් වුවත් කිසිදා දේශපාලනයට සම්බන්ධ නොවුණු සිය මව මෙලෙස පීඩාවට ලක් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.
හිටපු ජනපතිගේ ආර්යාවට මූල්‍යය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින මෙන් දන්වා ඇත්තේ කුමන කරුණක් මත දැයි යන්න නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් කර නොමැත.
‘සිරිලිය’ ගිණුමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට එරෙහිව මීට පෙර චෝදනා එල්ල විය.