හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියාය.සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය මෙසේ මූල්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබිණි. ඒ සඳහා අද පෙරවරුවේ ඇය පිටව ගිය අයුරු ඡායාරූපවල දැක්වෙයි.
මේ අතර www.mahinda.info වෙබ් අඩවිය සඳහන් කරන්නේ සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව කියන අක්‍රමිකතා මහජන බැංකුව මඟින් සිදුවූ අතපසුවීමක් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇති බවයි.
එම වෙබ් අඩවියට අනුව සිදුවී ඇත්තේ මෙවන්නකි
[1]. ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ප්‍රකාශයක් සටහන් කරගනීමට නියමිතව ඇත්තේ “සිරිලිය සවිය” සම්බන්ධයෙනුයි.
(i). ගිණුමක් විවෘත කිරීමේදී හැඳුනුම්පත් අංකයක් සටහන් කරගන්නේ අදාල තැන්පත් කරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටයි. එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටේ පළමු කාන්තාව “First Lady” ලෙස හැඳින්වුණ නිසා ඇයගේ අනන්‍යතාවය අමුතුවෙන් තහවුරු කරගැනීමට මහජන බැංකුවට අවශ්‍ය වී නෑ. ඒ අනුව මහජන බැංකුවේ “information system” එකේ අදාල “text box” හිස්ව තැබීමට නොහැකි නිසා සිරිලිය සවිය හි මුදල් පරිපාලනය කළ එම් ජේ ඒ කුමාරි මහත්මියගේ හැඳුම්පත් අංකය ලෙසට 111111111V ලෙසටත්, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබේ.
(ii). ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් නොමැතිනම් සහ ගිණුම් භාරකාරීත්වය අමුතුවෙන් සනාථ කරගැනීමට අනවශ්‍ය නිසා එය ඔවුන් නොසලකා හැරියා විය හැකියි.
ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇති බව අපට වාර්තා වී ඇත.
[4]. “සිරිලිය සවිය” යනු මූල්‍යමය හැකියාවක් නොමැති රෝගීන්ට, ළමයින්ට සහ කාන්තාවන්ට පිහිට වීමේ පුණ්‍යාධාර ආයතනයක්.
(i). එම ආයතනයේ අරමුදලට කැමති දානපතියෙකුට ආධාර කිරීමට පුළුවන්.
(ii). ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ නොකළාට එමගින් වන සේවය ගැන දානපතීන් බොහෝ අය දැනුවත්. ඒ නිසා එලෙස විශාල ආධාර මුදලක් රැස් වී තිබේ.
(iii). එලෙස එක් රැස් වෙන මුදලෙන් මේ වන විට සමාජයේ දස දහස් ගණනක් උපකාර අවශ්‍ය වූවන්ට කර ඇති සේවය අතිමහත්. මුදල් නොමැතිව වෛද්‍ය සැත්කම් කරගැනීමට නොහැකි වූ රෝගීන්ට මුදල් ආධාර ලබා දීම, ගැබිනි මව්වරුන්ට අදාල වියදම් දැරීම, ආබාධිත අයට රෝදපුටු, ප්ලාස්ටික් කකුල් සහ කකුල් කරු/අත්වාරු ලබා දීම, ඇස් කණ්නාඩි වල සිට අක්ෂි කාච දක්වා ලබා දීම, නොමිලේ ක්‍රියාත්මක සිරිලිය සවිය ගිලන් රථ සේවාව, රෝහල් වලට එම් ආර් අයි ස්කෑනර් ලබා දීම, පිළිකා රෝහලට අවශ්‍ය උපකරණ ලබා දීම, රෝහල් ගොඩනැගිලි ඉදි කර දීම, රෝහල් වලට එන්නත් සහ ඖෂධ ලබා දීම, දැඩි සත්කාර ඒකකය සඳහා අවශ්‍ය විදුලියෙන් ක්‍රියා කරන ඇඳන් ලබා දීම ඒවායෙන් කිහිපයක් පමණයි. මේවායේ තවත් පින්තූර සහ විස්තර ඉදිරියේදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේ පළ වේවි.