ශිරන්ති සාස්තරයක් අහන්න අංගොඩ ගිහින් වෙච්ච දෙයක්

සිය සොහොයුරා වන ශ්‍රී ලන්කන් ගුවන්සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහද කැටුව, අංගොඩ හිඹුටානේ රෝහල වටරවුම පාරේ පවත්වාගෙන යනු ලබන දේවාලයකට සාස්තර අසා, සෙත්ශාන්ති කරගැනීම සඳහා ගොස් ඇති හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එහිදී අකරතැබ්බයක් සිදුවී ඇතැයි වාර්තා වේ.

මේ දිනවල දිවයින පුරා දේවාල ගානේ යමින් තම පවුලට සිදුවී ඇති විපත්තියෙන් ගැලවීම සඳහා දෙවිපිහිට පතන ශිරන්ති මැතිනියට හිඹුටාන දේවාලයේදී අසන්නට සිදුවී ඇත්තේ හද කකියවන සාස්තරයකි. ‘මේ වෙලාවේ පෙන්නුම් කරන ආකාරය අනුව, මේ තැනැත්තියගේ දෙවන දරුවා මේ අවස්ථාව වනවිට හිඳින්නේ හිරගෙදර දොරකඩ’ යනුවෙන් පැවසූ සාධු නැමැත්තා ‘කවදාහරි මේ තැනැත්තියගේ පවුලට නැවත ගොඩඒමක් තියෙන්නේ තෙවන දරුවාගෙන් පමණයි. ඔහුට තියෙන්නෙ ඉතා බලගතු කේන්දරයක්. පවුලෙ අනිත් අයට වඩා ඔහු බලවත්. ඒ දරුවව ආරක්ෂා කරගන්න.’ යනුවෙන් අවවාද කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග ගොස් ඇති නිශාන්ත වික්‍රමසිංහ ඔහුට කුමක් සිදුවේදැයි අසා දැනගැනීමට ගියවිට සාධු නැමැත්තා දේවාරෑඪයෙන්ම ‘වල් වනචරය, බැහැපිය එලියට’ කියා එළවාගෙන ඇත.

තම සැමියා ගැන අසා ඇති ශිරන්ති රාජපක්ෂ මහත්මියට සාස්තරකරු පවසා ඇත්තේ ‘පුදුම උණුවෙන හදවතක් තියන පුද්ගලයෙක්. හැබැයි හරිම මෝඩයි. සතුරො කව්ද මිතුරො කව්ද කියල තේරුම්ගන්න බෑ. ජීවිතේ ගොඩක් දේවල් රැවටීම්කාරයන්ගෙ කීම් අහල නැතිකර ගත්තා. තාමත් කරන්නෙ ඒකමයි.’ කියාය. සෙත්ශාන්ති කරගැනීම සඳහා නැවතත් පැමිණීමේ අපේක්ෂාවෙන් හිටපු ජනාධිපති ආර්යාව එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

හිටපු ජනාධිපති ආර්යාවට මෙම ස්ථානය පිළිබඳව තොරතුරු සපයා ඇත්තේ විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශය. ඇය පළමුවරට එම ස්ථානයට පැමිණිවිට නිශාන්ත වික්‍රමසිංහට ආකාරයෙන් ම ‘උඹයි උඹේ මිනිහයි දෙන්නම තකට තක. එකෙකුට එකෙක් පරාද නෑ.’ යනුවෙන් පවසා එළවා දැමුවත් සාස්තර කියන සාධු නැමැත්තාව තම නිවසට ගෙනගොස් යාතුකර්මයක් කරවා ගැනීමට තරම් ශෂී වීරවංශ දක්ෂකම් දක්වා තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...