-ශ්‍රි ලංකාව තුළ රෝගී ජනතාවගේ රෝගී තත්වයන් උත්සන්න වෙමින් පවතී. එහෙත් දවසින් දවස වැඩිවන රෝග වලට ප්‍රතිකාර සඳහා ඖෂධ අවශ්‍ය වේ. නේවාසික රෝගීන්ට අවශ්‍ය ඖෂධ රෝහල තුළින් ම ලබාදිය යුතු අතර එහෙත් එම ඖෂධ ද බාහිරින් ගෙන්වා ගනු ලැබේ. සායනික රෝගීන්ට ලබාදෙන ඖෂධ බහුතරයක් වෙළදසැල් වලින් මිලදී ගත යුතු වේ. එනිසා සායනික රෝගීන්ට ලබාදෙන ඖෂධ ප්‍රමාණය අඩු වීම හේතුවෙන් බොහෝ රෝගීන්ට සිය ඖෂධ පෞද්ගලික වෙළද සැල්වලින් මිලදී ගැනීමට සිදුව තිබෙන අතර බොහෝ රෝගීන් අඩු ආදායම් ලබන්නන් නිසා මුදල් ලබා දී ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.
රජයේ රෝහල් වලට ඖෂධ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර තිබෙනා මුදල් වලින් මෙතෙක් ඖෂධ ගෙන්වීමට කටයුතු කර නොමැති බැවින් රෝහල් තුළ සහ බාහිර රෝගී අංශ වල දැඩි ඖෂධ හිගයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. කාර්තු වශයෙන් ඖෂධ ගෙන්වීමට කටයුතු කලයුතු වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම කටයුත්ත නිසිලෙස සිදුනොකිරීම නිසා තවමත් භාවිතා කරනු ලබන්නේ 2014 වසරේ අවසාන කාර්තුවට ගෙන්වූ ඖෂධ බව ද හෙද සංගමයේ සභාපති හෙද නිළධාරි ගාමිණි කුමාරසිංහ මහතා පවසා ඇත.
Check Also
බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)
ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...