-සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට ජනාධිපති සමාව හිමිවෙයි. මඩකලපුවේ පදිංචිකාරිණියක වූ පින්නතම්බි උදේනි නැමැති තරුණිය සිගිරි කැටපත් පවුරේ උදයන් තෑන්ක්ස් යන වචන සටහන් කර තිබේ. ඒ හේතුවෙන් ඇයට වසර 2 ක සිර දඩුවමක් නියමවූවාය. ඇයගේ පවුලේ ඥාතීන් සානුකම්පිත හේතුන් මත සමාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබේ. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා මෙම සමාව ලබාදී තිබේ.

