සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිරි ලෝක උරුම පරිශ්‍රයේදී ඇමැති ටී බී ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
ලබන 31 වැනිදා තෙක් ප්‍රදර්ශනය පැවැත්වේ.ඇමැතිවරයා එහිදී සංස්කෘතිය හා සිංහල කලාවේ අගය විස්තර කරමින් කතා කළ ඇමැති ටීබී ඒකනායක මහතා පැවසුයේ අද අපි මැටි ගැන කතා කරනා බවයි.
‘අද මාධ්‍ය මැටි වැඩ කරනවා.සංස්කෘතික අරමුදලේ ඇතැම් නිලධාරීනුත් මැටි වැඩ කරනවා . මේ අවුරුද්දේවත් ඉස්කෝලේ යන කාලේ කරපු මැටි වැඩ නවත්තන්න .පෝය දවසකට විහාරස්ථාන රැසක ආගමික වැඩසටහන් පැවැත්වෙනවා .හැබැයි අද මාධ්‍ය ඒ එක විහාරස්ථානයක් පමණක් ගැන කතා කරනවා.හැබැයි හොඳ නැති දෙයක් ඊට වඩා වාර ගණනක් ජනමාධයෙන් හෙළි දක්වනවා.‘
නිවේදන කටයුතු තෙබසින්ම සිදු විය.
නිවේදක නිවේදිකාවෝ කොළඹින් රැගෙන යනු ලැබුහ. ඉංග්‍රිසි නිවේදිකාව පිට මුළුමනින්ම වාගේ පෙනෙන හැට්ටයක් ඇද සිටියාය.
ඇගේ පිටේ පච්චද කොටා තිබිණි.
lankadeepa