සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණියකට වසර දෙකක සිරදඩුවම්

0
147

-ඓතිහාසික සීගිරියේ කැටපත් පවුරේ ඉංග්‍රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා ඊයේ (02) දෙවසරක සිර දඩුවම් නියම කරන ලදී. මඩකලපුව ප්‍රදේශයේ සින්නතම්බි උදේනි (23) නම් ඇගලුම් කම්හලක සේවයේ නියුතු තරුණියට මේ දඩුවම නියම කරන ලදී. අධිකරණයේදී කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇය වරද පිළිගත්තාය.